(සුමිත් පොතුපිටිය )
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදෙන දිනයේ ඔහුට සුභ පතන්නට ලංගම බස් රථයකින් බොරැල්ල මැතිවරණ කාර්යාලය අසලට ගිය ඩිපෝ කළමණාකරුවෙකු ඇතුළු හය දෙනෙකු ගේ වැඩ තහනම් කර ඇති බව කළුතර දිස්ත්‍රික් ලංගම ප්‍රාදේශීය කාර්යාලය සදහන් කරයි.
මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ හොරණ ඩිපෝ කළමණාකරු , සහකාර කළමණාකරු (පාලන) සහ තවත් සේවකයින් සිව්දෙනෙකු ගේ බව සදහන් වේ.
පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාමයෝජනා භාරදෙන දිනයේ ඔහුට සුභපැතීම සහ සහය පලකිරීම සදහා NB 6182 දරණ හොරණ ඩිපෝවට අයත් බස් රථයෙන් ඔවුන් හයදෙනා රාජකාරි කාලය තුලදී බොරැල්ල දක්වා ගමන්කර ඇති බවට සදහන්ව ඇති බව ලංගම කළුතර උසස් නිළධාරියෙක් පැවසීය .
එම ලංගම නිළධාරින් දෙදෙනා සහ සේවකයින් සිව්දෙනා ලංගම බස් රථයෙන් බොරැල්ලට ගමන් කර ඇති බවට මැතිවරණ කොමිෂමට ලද පැමිණිල්ලක් මත සිදුකල විමර්ශන වලින් පසු වැඩ තහනම සිදුකර ඇති බවද ප්‍රකාශකයා කීය.
යෝජිත ජී2ජී ආනයන ක්‍රමය යටතේ රටවල් 7කින් ඖෂධ ආනයනය කිරීමේ තීරණය නිසා දේශීය ඖෂධ කර්මාන්තය බිද වැටීමේ අවධානමක් මතුවී ඇති බව ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්ත සංග
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් සියලුම බැංකු හෙට (6) පෙරවරු 11.00 දක්වා පමණක් විවෘතව තබන බව ලංකා බැංකු සේවක සංගමය පැවසීය.
මාතර බන්ධනාගාරය තුළ ඇතිවු නොසන්සුන්තාවය අතරතුරදී එහි ගබඩා කාමරය කඩා රැදවියන් විසින් සොරා ගත් ජංගම දුරකතන 49 ක් අත් විලංගු 05 හා ඒවායෙහි යතුරු 24 ක් එම බන්ධ
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉන්දියාවෙන් බස් රථ 500 ක් මිලදී ගැනීමට මුල් ඇස්තමේන්තුගත වටිනාකමට වඩා වැඩි මුදලක් වැය කිරීමෙන් මණ්ඩලයට 2023 වර්ෂයේදී රුපියල්
පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය සඳහා දේශීය නිරීක්ෂකයෝ 4450 දෙනෙක් හෙට (6) යෙදෙවෙති.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong)මහතා විසින් උණුසුම් අයුරින් අද (05) පිළිගනු ලැබී
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හිටපු ජනපතිට සුභ පතන්න ගිය ලංගමයේ හයකගේ වැඩ තහනම්
බකල ජයා Wednesday, 18 December 2024 06:19 PM
පප්පා හිටියා නම් කියලා හිතෙන්නේ ඒ හය දෙනාටයි, ඒ හය දෙනාගේ පවුල්වල අයටයි, ඒ හය දෙනාගේ ගෙවල්වල සත්තුන්ටයි, පප්පාගේ පක්ෂෙ අයටයි, පප්පාගේ ඡන්ද දායකයින්ටයි විතරද?
JeppaThursday, 19 December 2024 01:54 AM
අවුලක් නැහැ... දැන් පප්පා මේ අයගේ පවුල් නඩත්තු කරාවි...
Rata Perata Wednesday, 18 December 2024 10:10 PM
මේ අය හිතාගෙන ඉන්නේ රජයේ දේපළ ඔවුන්ගේ බූදලයක් කියලා...
pj Thursday, 19 December 2024 02:43 AM
පක්ෂ භේදයක් නොමැතිව රජයට අයත් දේපළ අවභාවිතාවට තිත තැබිය යුතුමයි. රාජකාරි වෙලාව තුළ නිවාඩු නොදමා වර්තමාන ජනපති පිළිගැනීමට ගුවන් තොටුපොලට ගිය අයට ද ඒ අයුරින්ම සැලකිය යුතුයි.
sam Thursday, 19 December 2024 08:57 AM
නියමයි... හොදම වැඩේ
අමිත් කන්නන්ගර Thursday, 19 December 2024 10:14 AM
වැඩ තහනමි කරලා විතරක් මදි...බස් එකෙන් එදා දවසෙ ලැබීමට නියමිත ආදායම ගණන් බලා( ඩීසල් ඇතුලු සියලුම වියදම) වන්දියක්ද අයකර ගතයුතු අතර..රැකියාවෙන් සදහටම අයින් කල යුතුයි..මෙය බරපතල ගණයේ විෂමාචාර ක්‍රියාවකි..මෙි දඬුවම දිය යුත්තේ අන් අයටද ආදර්ශයක් වන අයුරිනි... දැන දැන කරන අශික්කිත මජර දේශපාලන දුෂිතයන්ට දැඩි දඬුවම් දිය යුතුයි...
[email protected] Thursday, 19 December 2024 10:19 AM
මේවා පලි ගනීම්
අමිතFriday, 20 December 2024 03:48 AM
ගොන් අයියලාට නම් පේන්නේ පලි ගැනීම් විදියට තමයි... ඒවා ගත යුතු සරලම විනය ක්‍රියා මාර්ග...
සුරෙන්Friday, 20 December 2024 08:29 AM
වැරැදි වලට දඬවම් දීම පළිගැනීම නම්, වැරදි කරන අය ප්‍රභූවරුන්ද? එහෙම නම් නීතිය කුමකටද? ත්‍රිවිධ හමුදාව්, පොලීසිය, අධිකරණය වහාම විසුරුවා හැර අනවශ්‍ය රාජ්‍ය වියදම පහළ හෙලමු. අතීතයට දඬුවම් කරන්න පෙර වර්ථමානයට එය ක්‍රියාකළ යුතුයි. එහිදී පළමුවැන්න ඔබ හෝ ඔබේ නෑයෙකු හෝ ළඟම මිතුරා හෝ පාක්ෂිකයෙකු විය හැකිය. තීන්දුව ඔබ අතේ...
Stanley bopage Friday, 20 December 2024 09:45 AM
හොඳ වැඩේ මජර දේශපාලනේ අයට උදව් කරන අයට...