
(සුමිත් පොතුපිටිය )
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදෙන දිනයේ ඔහුට සුභ පතන්නට ලංගම බස් රථයකින් බොරැල්ල මැතිවරණ කාර්යාලය අසලට ගිය ඩිපෝ කළමණාකරුවෙකු ඇතුළු හය දෙනෙකු ගේ වැඩ තහනම් කර ඇති බව කළුතර දිස්ත්‍රික් ලංගම ප්‍රාදේශීය කාර්යාලය සදහන් කරයි.
මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ හොරණ ඩිපෝ කළමණාකරු , සහකාර කළමණාකරු (පාලන) සහ තවත් සේවකයින් සිව්දෙනෙකු ගේ බව සදහන් වේ.
පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාමයෝජනා භාරදෙන දිනයේ ඔහුට සුභපැතීම සහ සහය පලකිරීම සදහා NB 6182 දරණ හොරණ ඩිපෝවට අයත් බස් රථයෙන් ඔවුන් හයදෙනා රාජකාරි කාලය තුලදී බොරැල්ල දක්වා ගමන්කර ඇති බවට සදහන්ව ඇති බව ලංගම කළුතර උසස් නිළධාරියෙක් පැවසීය .
එම ලංගම නිළධාරින් දෙදෙනා සහ සේවකයින් සිව්දෙනා ලංගම බස් රථයෙන් බොරැල්ලට ගමන් කර ඇති බවට මැතිවරණ කොමිෂමට ලද පැමිණිල්ලක් මත සිදුකල විමර්ශන වලින් පසු වැඩ තහනම සිදුකර ඇති බවද ප්‍රකාශකයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පප්පා හිටියා නම් කියලා හිතෙන්නේ ඒ හය දෙනාටයි, ඒ හය දෙනාගේ පවුල්වල අයටයි, ඒ හය දෙනාගේ ගෙවල්වල සත්තුන්ටයි, පප්පාගේ පක්ෂෙ අයටයි, පප්පාගේ ඡන්ද දායකයින්ටයි විතරද?
මේ අය හිතාගෙන ඉන්නේ රජයේ දේපළ ඔවුන්ගේ බූදලයක් කියලා...
පක්ෂ භේදයක් නොමැතිව රජයට අයත් දේපළ අවභාවිතාවට තිත තැබිය යුතුමයි. රාජකාරි වෙලාව තුළ නිවාඩු නොදමා වර්තමාන ජනපති පිළිගැනීමට ගුවන් තොටුපොලට ගිය අයට ද ඒ අයුරින්ම සැලකිය යුතුයි.
නියමයි... හොදම වැඩේ
වැඩ තහනමි කරලා විතරක් මදි...බස් එකෙන් එදා දවසෙ ලැබීමට නියමිත ආදායම ගණන් බලා( ඩීසල් ඇතුලු සියලුම වියදම) වන්දියක්ද අයකර ගතයුතු අතර..රැකියාවෙන් සදහටම අයින් කල යුතුයි..මෙය බරපතල ගණයේ විෂමාචාර ක්‍රියාවකි..මෙි දඬුවම දිය යුත්තේ අන් අයටද ආදර්ශයක් වන අයුරිනි... දැන දැන කරන අශික්කිත මජර දේශපාලන දුෂිතයන්ට දැඩි දඬුවම් දිය යුතුයි...
මේවා පලි ගනීම්
හොඳ වැඩේ මජර දේශපාලනේ අයට උදව් කරන අයට...