(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
ආණ්ඩුව ජනතාවට ලබාදෙන දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල අසාධාරණ ලෙස ඉහල දැමීම හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 8 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කළේය.
එදිනට මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වන හිටපු අමාත්‍ය මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් සියලු දෙනාටම අධිකරණයේ පෙනී සිටින ලෙසට ද නොතීසි නිකුත් කෙරිණි.
ගාමිණි අමරසේකර, ශිරාන් ගුණරත්න සහ කුමුදුනි වික්‍රමසිංහ යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම අද (04) සැලකිල්ලට ගැනිනි.
ජනතාවට සහන සලසා දීමට අවශ්‍ය ක්‍රමවේදයක් වහාම සකස් කරන ලෙස ඇතුලු අමාත්‍ය මණ්ඩලයට නියෝගක් නිකුත් කරන ලෙස ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය අමාත්‍යාංශ ලේකම්වරු සහ නීතිපතිවරයා ඇතුළු හතළිස් දෙනකු නම් කරනු ලැබ ඇත.
නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ මහතා අධිකරණයේ පෙනී සිටියේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හිටපු කැබිනට්ටුව 8 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට