(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය පලෙයි ප්‍රදේශයේදී ගිනිඅවි, පතොරම් සහ කඩු තොගයක් සමග හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයෙකු ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පලෙයි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
වව්නියාව ත්‍රස්ත විමර්ශන ඒකකය ලද බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (20) මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකව ගිනි අවි 04 ක් සහ පතුරම් 126 ක් තිබී හමු වී ඇත.
සොට්ගන් වර්ගයේ පතුරම් තුවක්කුවක්, ගල්කටස් වර්ගයේ තුවක්කු දෙකක්, පිස්තෝලයක් සහ කඩු දෙකක් ඔහු සතුව තිබී හමු වී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයෙකු බවද ත්‍රස්ත විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීම් සිදු කරන අතර වව්නියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය සමහරක් තවම පුනුරුත්ථාපනය වෙලා නැහැ...ඔවුන්ව නිදහස් කිරීම දෙවරක් නොව තුන්වරක් සිතිය යුතුය.
දැන් හැමදාම වගේ අහන්න තියෙන්නෙ වෙඩි තැබීම්, මනුස්ස ඝාතන, කුඩු වැටලීම්, බෝම්බ සොයා ගැනීම් ඔන්න මේ වගේ දේවල්. ආණ්ඩුව නිදිද? මොනවද කරන්නෙ!
සතුටුද දැන්.?