(ඉන්දිකා රාමනායක)
කොක්කඩිචෝලේ ප්‍රදේශයේ පදිංචිව සිටී සිටි හිටපු එල්ටීටීඊ සාමාජිකාවක් , ව්‍යාජ ලේඛණ සකස් කර විදේශ ගත කිරීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
කොක්කඩිචෝලේ පදිංචි මෙම හිටපු එල්ටීටීඊ සාමාජිකාවට වැල්ලවත්තේ ලිපිනයකට ව්‍යාජ ලේඛණ සකස් කර , විදේශ ගත කිරීමට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් මෙම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම හිටපු එල්ටීටීඊ සාමාජිකාව විදේශගතව සිට නැවත ලංකාවට පැමිණි අවස්ථාවේ අත් අඩංගුවට ගෙන ඇති අතර ඇය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී හෙළි වූ කරුණු අනුව ඉහත කොස්තාපල් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර පොලිස් කොස්තාපල් කෙසෙල් වත්ත පොලීසියට අනියුක්තව රාජකාරි කළ අයකු බව බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd