
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
නාරහේන්පිට ප්‍රදේශයේ ප්‍රංශ පාසලක් බිඳ දේපළ සොරා ගැනීම ඇතුළු සොරකම් රැසකට සම්බන්ධ හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අයගම පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකි.
නාරහේන්පිට පොලිස් බල ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් 136,000 වටිනා දේපොළ සොරකම් කිරීමට හා ප්‍රංශ පාසල බිඳ රුපියල් 1,250,000 ක් වටිනා දේපොළ සොරකම් කිරීම සම්බන්ධව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd