(නිමන්ති රණසිංහ)
හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ඒ.එම්.ඩී. නවාස් සහ විදුලි බල අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩස් යන අයට එරෙහිව ගොනුකර තිබෙන අල්ලස් නඩුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (30) නියෝග කළේය.
අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 189 වගන්තිය ප්‍රකාරව මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය අධිකරණයට කරුණු දක්වමින් මෙම නඩුවේ විභාගය අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2020 වසරේ මැයි මස 15 වැනි දා තෙක් බලපැවැත්වෙන පරිදි තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවද සඳහන් කළේය.
හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් සහ අභියාචනාධිකරණ විනිසුරු නවාස් යන මහත්වරු නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කළ අවධියේ ලංකා විදුලිබල පුද්ගලික සමාගමට ඉඩම් මිලදී ගැනීමේ දී සිදු වූ බව කියන අක්‍රමිකතාවකට සම්බන්ධ එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට නඩු නොපවරා සිටීමට උපදෙස් ලබාදීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කර අල්ලස් කොමිසම ඔවුන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් කියලා දාලා තිබුණාට ඉල්ලා අස්කරගෙනනේ තියෙන්නේ....
නන්දසේන 20 අරගෙන දැන්නම් ඔක්කොම වගේ හෙංචයියෝ ටික නිදහස් කරගෙන ඉවරද කොහේද? නියම සුවච කීකරු නඩුකාරයෝ ටිකකුත් ඉන්නවා. අපේ පිනට. මේවා අලුත් දේවලුත් නොවේ... මතකනේ නන්දසේනගේ නඩු අහන්න බෑ කියලා විනිසුරුවරු පැනපු පැනිල්ල ඒ දවස්වල..
ඉදිරියේදී ලංකාවේ නඩුත් නැත. හොරුත් නැත. බන්ධනාගාරවල ඉතිරිවෙන්නේ පොල් ගෙඩියක්, අඹගෙඩියක්, කොස් ගෙඩියක් හොරකම් කළා කියලා නම් කරන ලද පිරිසක් පමණි.
69 ලක්ෂයට ජාත්‍යාලය පෙන්නුවේ මේකට බව කවදා වැටහේද? මෙම නඩුු කලට වේලාවට නියමිත පරිදි ඇසීමට අවශ්‍ය නීති සම්පාදනය නොකල සිරිසේන රනිල් දෙපල අපායට යාවි. සත්‍ය දැකගත් රංජන්ට නිදහස ලැබේවා...
අල්ලස් හා දූසණ කොමිෂන් එකත් ඔහොම වහලා දැම්මා නම් හොඳයි නේ... නිකන් එක එක නඩු ඉල්ලා අස්කර ගන්නේ නැතිව.
මෙතරම් කාලයක් මේවා දාගෙන ගියාට අල්ලස් කොමිසමට විරුද්ධව ක්‍රියා කරන්නේ නැද්ද? රටේ ධනය, පුද්ගලික ධනය, කාලය කා දැමීමට විරුද්ධව මොනවද ගන්න ක්‍රියාමාර්ග...?
සෞභාග්‍යය දෝරේ ගලනවා.. නිදහස් නොකර පුළුවන්ද? පවුල් පාලනේ උදවියට දරදිය ඇදපු අයනේ..?
දැන් උසාවිය තියෙන්නේ පේව්මන්ට් එකේ. පාරේ යනකොට කතා කරලා නඩුවෙන් නිදහස් කරනවා.