
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ක්‍රියාත්මක කර ඇති විස්තීරණ ණය වැඩසටහනේ 5 වැනි සහ 6 වැනි සමාලෝචන සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව එහි 6 වැනි සහ 7 වැනි වාරික මහා භාණ්ඩාගාරය වෙත ලැබී ඇතැයි මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ අනුව, වාරික දෙකට අදාළව අමෙරිකා ඩොලර් මිලියන 695ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බවත්, එය මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඉහළ නැංවිමට උපකාරී වෙමින් තාවකාලිකව සිදුවූ රුපියල අවප්‍රමාණය වීම පිළිබඳව විවිධ පාර්ශව එල්ල කළ පදනම් විරහිත චෝදනා වලට පිළිතුරක් වන බවත් අමාත්‍යවරයා කීය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ප්‍රතිපත්තිමය එකඟතා නිසි පරිදි ක්‍රියාත්මක කිරීම මීට හේතුව බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd