
( රංජිත් රාජපක්ෂ )
හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය සහිත අත් පත්‍රිකා නිකුත් කරනු ලැබුහ.
නුවරඑලිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පා.ම මංජුල සුරවිරආරච්චි මහතා, පා.ම ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය, හැටන් පොලිස් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා, නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් සමීර ගම්ලත් මහතා ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් රැසකගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කරනු ලැබුහ.
හැටන් නගරය ඇතුළු නගර සභා සිමාවේ පිහිටි ප්‍රදේශ 18 ක් වශයෙන් වෙන් කර මාස ගණනාවක් තිස්සේ එක්රැස් වි තිබු කැලි කසල ඉවත් කිරිමට මෙහිදි පියවර ගත් අතර, හැටන් කොළඹ සහ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ග දෙපස මෙයට සමගාමිව සුද්ද පවිත්‍ර කෙරිණ.
මින් ඉදිරියට හැටන් දික්ඔය නගර සභා සිමාවේ අවිධිමත් ලෙස කැලි කසල බැහැර කරන සහ නගරයේ බුලත් කෙල ගසන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන බවට සදහන් කළ රතු නිවේදනයක් සහිත අත් පත්‍රිකාවක් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව, පාරිභෝගිකයන්, ප්‍රදේශවාසින් ඇතුළු සියළු දෙනා දැනුවත් කිරිමට පියවර ගනු ලැබුහ.
ක්ලින් ශ්‍රි ලංකා වැඩසටහනට 306/සි/2 හැටන් සිංහ සමාජයේ සහ හැටන් නගරයේ වෙලද ප්‍රජාවගේ පුර්ණ අනුග්‍රහය ලැබි තිබු අතර, දිවයිනේ අලංකාරවත් නගර 100 අතරට හැටන් නගරය ඇතුලත් කරන බව පා.ම මංජුල සුරවිරආරච්චි මහතා පැවසිය.
මෙම වැඩසටහන දියත් කරමින් සිටි අවස්තාවේ හැටන් නගරයේ මාළු වෙලදාමේ යෙදෙන වෙලෙන්දෙකු විසින් ඉවතලන අපද්‍රව්‍ය ලොරි රථයකින් හැටන් කොළඹ පැරණි මාර්ගයේ ඇළ මාර්ගයකට මුදා හරිමින් සිටියදි හැටන් පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේය.

2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
හැටන් නගරයට රතු නිවේදන
Anura Wednesday, 05 February 2025 01:57 PM
ඉතාමත් කාලෝචිත තීරණයක්..හැටන් කියන්නෙ කැළිකසල,ජරාව පිරුණු නගරයක් දැන්..හරිම අපවිත්‍රයි...
fairoos Wednesday, 05 February 2025 05:15 PM
හැටන් විතරක් නෙවෙයි, මෙවැනි නීති හැම නගරයකටම පොදුවේ තිබිය යුතුයි..