(යොහාන් භාසුර)
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (13) දිනයේ ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 15 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැයක් ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.
‘ඒ’ සිට ‘එල්’ කලාප 12 කට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දහවල් කාලයේ පැය 2 ක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 15 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා රාත්‍රී කාලයේ පැයක් ද හෙට (13) විදුලිය කප්පාදු කරන බවත් මහජන උපයෝගිතා කොමිසම වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැය 3යිනේ... රජය ජනතාව ගැන හිතනවා.
සෙනසුරාදා, ඉරිදා කියන්නේ ඉල්ලුම අඩු දවස් නේද...? මේ ජනක රත්නායක මොකක්ද කරන්නේ? මෙයාලාට තෙල් නැහැ මදි කියන එක නොපෙනිලාද? කලින් කිව්වේ මාස 3ක් යනකන් කපන්නේ නැහැ වගේ ගොන් කතා... නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කිව්ව මනුස්සයා, දැන් කියන්නේ මොකක්ද? ඔය ජනකත් එක්ක ඉන්න ඔක්කොම ඉන්ජිනේරුවන්ට වියදම් කරන සල්ලි අපරාදේ. අන්න ඒ මුදල් වලින් අපට සෝලාර් සිස්ටම් ගන්න අඩු පොලියට ණයක් දෙන්න එක රටට දීර්ඝ කාලිනව වුණත් වාසියි. එක ගෙයකින් යුනිට් 150 ගානේ හරි මාසෙට අඩු වුණොත් ඒකෙන් රටට, ඩීසල්වලට යන මුදල ඉතුරුවෙනවා. කරුණාකරලා පුනර්ජනනීය වැඩකට සල්ලි දෙන්න. ගණන් වැඩිවෙන ඩීසල් වලින්ම යැපෙන්නේ ඇයිද මන්ද ..?