(යොහාන් භාසුර)
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (26) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට තව දුරටත් පැය 5 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (25) පස්වරුවේ පැවසීය.
‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටේ විදුලි කප්පාදුව පැය 4 යි විනාඩි 40 ක් අඩුකර ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.
‘ඒ’ සිට ‘එල්’ කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 3 යි විනාඩි 20 ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 40 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.
‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 3 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරු කාලයේ පැයයි විනාඩි 40 විදුලිය කප්පාදු කරන බව එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙලාව අතරතුර නොකියා ඒ ඒ පළාතට හෝ දිස්ත්‍රික්කයට විදුලිය කපන හරි වෙලාවක් කියන්න බැරිද?