(නිමල කොඩිතුවක්කු)
හෙට(15) දිනයේ සිදුකරන වැඩ වර්ජනයට පෞද්ගලික බස් රථ කිසිදු සහයෝගයක් ලබා නොදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
හෙට දිනයේදී ගමනාගමනයට කිසිදු බාධාවක් සිදු නොවන බවත් පාසල්, කාර්යාල ඇතුළු අනිකුත් සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත් විජේරත්න මහතා පැවසීය. එම සේවා පවත්වාගෙන යාමට බස්රථ ප්‍රමාණවත් නොමැති නම් අතිරේක බස්රථ යෙදවීමට පියවර ගන්නා බවත් ඔහු කීවේය.
වර්ජනයේ නිරත පිරිසට වැටුප් හිමි වුවත් බස් රථ වර්ජනය කළහොත් එම සේවකයන්ට කුසගින්නේ සිටීමට සිදුවන බැවින් එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමය දක්වා අඛණ්ඩව බස් රථ සේවාවන් යෙදවීමට කටයුතු කරන බවත් විජේරත්න මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැමුණුව හොරිකඩය.
ආ ඇත්තද? එතකොට මිල වැඩි කලාම බස් ගාස්තුව වැඩි කරද්දී එකෙන් මිනිස්සුන්ට සිද්ධ වෙන අමාරුව ඇන හිටිනවද.?
ගොන් පණ්ඩිතයෙක් හිතාගෙන ඉන්නේ ලොක්කෙක් කියලා.
ඔහොමත් කඩේ යන සභාපතියෙක් දැක්කමයි. තමන්ගේ වාසියට වැඩකරන කෙනෙක් මෙයා.
පෞද්ගලික බසයක අනුමත මගීන් ගනනට වඩා ගෙනිච්චොත් දඩය 250යි. අන්න රෙගුලාසි. හදලා අත්සන් කරලා තියෙන්නේ අතිගරු ඇමටියෙක්.
මේ වගෙ උන් ඉන්න නිසා තමයි ගෝබ්බයො උඩ් පනින්නෙ. රට මොනවා වුනත් කමක් නැහැ. මුගෙ බොක්ක පිරෙනවානම්. ඔය බස් එකට වැඩිය ජනතාවගෙ. ඇවිද්ද පය දහසස් වටියි.
වසලයින් ඕනෙත් නෑ...
රනිල්ගෙ කෙනෙක් බව අපි දන්නවා. බස් ගාස්තු අඩු කරපල්ලා. දැන් කී පාරක් ඩීසල් මිල අඩු කළාද? රුපියල් 10කින් මිල වැඩිකළාම රුපියල් 5කින් බස් ගාස්තු වැඩි කරනවා. රුපියල් 50 කින් තෙල්මිල අඩු වුණත් සද්ද නැහැ...
බස් ගැමුණුට අයිති ඒවා තමා වැඩිපුරම තියෙන්නේ .බස්වලිනුත් පගාව ගන්නවා කියලයි හුගක් අය කියනේ. මූ අලියගේ නැට්ටේ එල්ලිලා ඉන්නේ ?
උඹ වගේ කාලකන්නියන්ගෙන් රටට වැඩකුත් නෑ උඹ වගේ රටට ඕනෙත් නෑ
ඉතා හොඳයි.