විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (31) ප්‍රදේශ රැසකට පැය 13 ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (30) පස්වරු පැවසීය.

ඒ අනුව හෙට අළුයම 3.00 සිට මධ්‍යම රාත්‍රී දක්වා කාලය තුළ වරකට පැය 4 ත් 6 ත් අතර කාලය බැගින් පැය 13 විදුලිය කප්පාදු කරන බව ද ජනක රත්නායක මහතා කීය.