
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අයවැය සම්මත වීමෙන් පසු අපේම වෙච්ච වැඩසටහන හෙට උදේ සිට පටන් ගන්නා බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"සාධනීය අදහස් පළ කළ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉන්නවා. නමුත් වෙනස් වෙන්න බැරුව ලත වෙන පිරිසක්ද ඉන්නවා. ආණ්ඩුව කයිය විතරයි වැඩ නෑ කියා විපක්ෂය නිතරම චෝදනා කරනවා.එහෙම විවේචන කරනකොට අපි තව වැඩිපුර වැඩ කරනවා.එතකොට ඔබලාට තව සොරි වෙනවා.දිගටම මඩ ගහගෙන ඔබලාගේ සිහිනයේ ඉන්න. අප ඉස්සරහට යනවා. මෙතෙක් පැවැති ආණ්ඩු පාලම් බෝක්කු හැදුවා තමයි. හැබැයි හොඳ දේශපාලන සංස්කෘතියක් හදන්න බැරිි වුණා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
COMMENTS
අපේම වැඩසටහනට ජය වේවා...! අයි.එම්.එෆ්. අපලය දුරු වේවා...! ඡන්ද පොරොන්දු ටික ඉෂ්ඨ වේවා...!
ඊළඟ අයවැයේදී කියයි, මම එහෙම කිව්වේ නෑ, මට මතක නෑ කියලා. මොකද නයයි වැයයි මිසක් අයෙක් ඔය වැඩ සටහනේ නෑනේ...!
කයිවාරුව පැත්තකින් තියලා, බාලගිරියටත් එන්න එපා කියන්න. පුළුවන් නම් මොකක් හරි වැඩක් කරපල්ලා. එනකොට බලය නැතුව බෑ කිව්වා. දැන් අයවැය නැතුව බෑ, හෙට පළාත්සභා නැතුව බෑ. ඔබලාගෙන් එළියට ආපු වචනවල හැටියට නම් ගෙනාව අළුත් කිරි කිරි ව්‍යවස්ථාවේත් දූවිළි බැඳෙන්න තරම් කල්...
ගණදෙවියන්ට සෙනසුරාගේ අපලය ඵලදීමට තියෙනවා කියලා දැනුණාම අපලය ආරම්භ වෙන දිනට පෙරදින ලොකු පාටියක් සංවිධානය කළාලු.. ඔය පාටිය වෙලාවෙ අපලය හෙට සිට් ආරම්භ වෙනවා කියන්න සෙනසුරා ආවාලු. ඉතින් වැඩ වැඩියි කියලා හෙට එන්න කිව්වාලු... සෙනසුරා ටික දුරක් යද්දී ආපසු කතාකර හෙට කියලා බඩේ ලියවා ගත්තලු පසුදා සෙනසුරා ආපසු ආවත් හෙට හෙටමනේ, මම රනිල්ට අකැමැති වුණත් ඔහු 2002 පමණ කාලයේ ආර්ථිකය යම් පමණකින් ශක්තිමත් කළාම චන්ද්‍රිකා ආණ්ඩුව පැහැරගෙන විනාශ කළා. නැවතත් 2023 නැවතත් ආර්ථිකය හරි මගට ගනිද්දී අවුරුදු 53 ක් විපක්ෂයේ හිටගෙන කාපු පිරිස බලයට පත්වුණා. අපි බලමුකෝ හෙට සිට මොකද වෙන්නෙ කියලා. අඩුම තරමින් ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට දුන් පොලිය අඩුකර ඇති හැකි එවුන් පෝෂණය කරන අස්වැසුම වත් සංශෝධනය කරාවිද කියලා...!
ගොඩක් දේවල් වෙයිද දන්නේ නෑ නේද?