(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ මුදල් ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ කිසිම දේශපාලනඥයෙක් හෝ නිලධාරියෙක් මේ වනතෙක් වගකීමක් ඇතිව කටයුතු කරන්නේ නැතැයි හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අද(26)පැවසීය.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කට ඇරපු මොහොතේ සිට කරුණු වශයෙන් පැවසූ අති බහුතරයක් පට්ටපල් බොරු බවද තෙන්නකෝන් මහතා කීය.

කොළඹ නිපොන්  හෝටලයේ පැවති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ කීර්ති තෙන්නකෝන් මහතා පැවසූයේ  මුදල් අමාත්‍යංශයට,භාණ්ඩාගාරයට සහ ශ්‍රී ලංකා මහ බැංකුවට මේ සිද්ධියේදී වැරදියි තිබෙන බවයි.

භාණ්ඩාගාර මංකොල්ලයට, ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති වගවීම  රටට පාර්ලිමේන්තුවට පැහැදිලි කළ යුතු බවද තෙන්නකෝන් මහතා කීය.