
(විමුක්ති එස් රුද්‍රිගු)
තමාගේ රංගන ජිවිතයේ ප්‍රියතම චිත්‍රපට දර්ශන තලය ශ්‍රී ලංකාවේ හික්කඩුව බව සුපිරි හොලිවුඩ් නළු රයන් රෙනොල්ඩ්ස් ප්‍රකාශ කර ඇත.
ජස්ට් ෆෝ ලාෆ් වැඩසටහනට පසුගිය සෙනසුරාදා සහභාගී වෙමින් එහිදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රයන් රෙනොල්ඩ්ස් මහතා මේ බව පවසා තිබේ.
මෙම වීඩියෝව අකීල් සිරාජ් නම් පුද්ගලයකු ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට උඩුගත කර තිබේ.
රයන් රෙනොල්ඩ්ස් මහතාගේ ප්‍රථම චිත්‍රපටය වන ඕඩිනරි මැජික් චිත්‍රපටය 1993 වර්ෂයේදී ශ්‍රී ලංකාවේදී රූගත කර ඇත.ඔහු අවුරුදු 30ක මතකය මෙලෙස අලුත් කර ඇත.
තමාගේ පළමු චිත්‍රපටය ශ්‍රී ලංකාවේ රූගත කළ බවත් අවේණික ලක්ෂණ වලින් යුත් ශ්‍රී ලංකාව තම මනස නව මානයන්ට පුළුල් කළ බවත් රයන් රෙනොල්ඩ්ස් පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1993 මකතය .දැන් ඇවිල්ලා බලන්න කොහොමද කියලා