IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සළිඳුගේ මවගෙන් රිට් පෙත්සමක්

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

මැඩගස්කරයේ අත් අඩංගුවට ගෙන මෙරට රැගෙන විත් සිටින හරක් කටා නමැති පාතාල නායකයාගේ සමීපතමයෙකු යැයි කියන සළිඳු මල්ෂිත නැමැත්තා වහාම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවන ලෙස ඉල්ලා ඔහුගේ මව ගොනුකර ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට අභියාචනාධිකරණය කල් ලබා දුන්නේය.

මෙම පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලීමක් කළේය.

මෙම රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර් මරික්කාර් මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිනි.

මෙම පෙත්සම ඊයේ(15) සළකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කියා සිටියේ විශ්වාසකටයුතු ආරංචි මාර්ගයක් අනුව තම සේවාදායකයා මැඩගස්කරයේ සිට මුම්බායි හරහා මෙරටට රැගෙන ඇවිත් ඇති බවත් තම සේවා දායකයාට එරෙහිව වරෙන්තු කිහිපයක් ඇති බැවින් ඔහු වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.

 



අදහස් (2)

සළිඳුගේ මවගෙන් රිට් පෙත්සමක්

සමන් - ඕමානය Wednesday, 15 March 2023 07:46 PM

හරී, වරේවා, දැන් ඉතින් කළු කෝට් කාර අපේ "කල්ල මරේ". කුඩු සල්ලි වලින් සියේට දහයක් ලැබුනත් මදෑ අපිට! අපි එන්නං උසාවියට!! ඔහොම යං ඔහොම යං !!!

:       0       4

Nandana Wednesday, 15 March 2023 10:09 PM

වහාම ආයුධ පෙන්නන්න ගෙනියන්න රටේ ජනතාවගේ සල්ලි විනාශ නොකර

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 417 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1026 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site