IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සුළඟින් ආණමඩුව පොලිසියට බර හානි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මහ වැසිත් සමග අද  අලුයම් කාලයෙ හමා ආ දැඩි සුළගකින් ආණමඩුව පොලිස්ථානය අවට තිබු දැවැන්ත ගස් ගොඩනැගිලි මතට කඩා වැටිමේන් බරපතල හානි රැසක් සිදුව ඇති බව පොලිසිය කියයි.

29 දින රාත්‍රියෙ සිට 30 දින අලුයම දක්වා මෙම දරුණු සුළං තත්වය ඇතිව තිබු බවත් වසර 40 - 50 කට වඩා පැරණි විශාල ගස්  ඉදිරි ගොස් පොලිස්ථානයෙ ගොඩනැගිලි මතට කඩා වැටි තිබුනී.

ආණමඩුව පොලිස්ථානය අසලම පිහිටි ආණමඩුව සහකාර පොලිස් අධීකාරි කාර්යාලයෙ ගොඩනැගිලි මතටද ගස් කඩා වැටිමේන් එයටද හානි සිදුව තිබුනි.

පොලිස්ථාන භුමියෙ තිබු ගස් මෙලෙස මහ සුළගින් ඉදිරි හා ඇඹරි ගොස් ඇද වැටිම නිසා පොලිස් නිළධාරී නිවාස ඒකකය, පොලිස්ථානාධිපතිවරයාගේ නිළ කාමරය,ඇතුළු ගොඩනැගිලි රැසකට මෙලෙස හානි සිදුව තිබු ආකාරය දැක ගත හැකි විය.

ගස් ඉදිරි කඩා වැටිමත් සමග විදුලි, දුරකථන රැහැන් පද්ධති මතට ගස් වැටිමේන් පොලිස්ථානයට විදුලිය,දුරකථන පහසුකම් සියල්ලම නැවති ගොස් තිබුනී.



අදහස් (0)

සුළඟින් ආණමඩුව පොලිසියට බර හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site