
(එම්.සුසිල් පියන්ත)
සුළි කුණාටුවට හසුව මහ මුහුදේ දින පහක් නිරහාරව මෝටර් බෝට්ටුවක සිටි ධීවරයින් දෙදෙනෙකු නිරුපද්‍රිතව බේරා ගෙන අද(30)උදේ ගොඩබිමට ගෙන ඒමට අම්බලන්ගොඩ ධීවරයින් හත්දෙනෙකු සමත්වී සිටිති.
මෙසේ දිවි බේරී ඇත්තේ රත්ගම වෙරළ තීරයෙන් මෝටර් බෝට්ටුවකින් මුහුදු ගිය රත්ගම ගම්මැද්දෙගොඩ පදිංචි කේ.කීර්ති සහ කන්දේ වික්ටර් යන ධීවරයින් දෙදෙනාගේය.
එම ධීවරයින් දෙදෙනාගේ දිවි බේරා ගෙන ඇත්තේ අම්බලන්ගොඩ ධීවර වරායෙන් මුහුදි ගිය බහු දින ධීවර යාතාවක් වන අසංක පුතා 4 ධීවර යාතාවේ නියමු ආර්.එම්.රූපසිරි මහතා ඇතුලු ධීවරයින් සත්දෙනාය.
රත්ගමින් මුහුදු ගිය ධීවරයින් දෙදෙනා ධීවර රැකියාවට ගොස් ඇත්තේ එක් දින පන්නයට බවත් එබැවින් මේ සුළි කුණාටුවට හසුව මහ මුහුදේ මේ ධීවරයින් දෙදෙනාට දින ගණනාවක් නිරහාරව සිටීමට සිදුව ඇති බවත් අම්බලන්ගොඩ ධීවර වරායේ වෙරළාරක්ෂක නිලධාරීන් කියයි.
ඔවුන් ගිය මෝටර් බොට්ටුවේ ඉන්ධන අවසන්වී ඇති බැවින් ඔවුනට ගොඩබිමට ඒමට තිබූ සිහිනය බොඳව තිබූ අවස්ථාවක අසංක 4 බහුදින යාතාවෙන් ඔවුන් බේරා ගැනීම සුලුපටු කාර්යයක් නොවන බවත් එම නිලධාරීන් කීහ.
දිවි බේරාගත් ධීවරයින් දෙදෙනා අද(30)උදේ අම්බලන්ගොඩ ධීවර වරායට රැගෙන අවස්ථාවේදී වෙරළාරක්ෂක නිලධාරීන් හරහා සිය ඥාතීන්ට භාරදීමට කටයුතු කරන අයුරුයි මේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd