
(යොහාන් භාසුර)
ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසර දී තිබූ කාලයේ දී පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන් 167000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොගය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 10.9 ක් හෙවත් රුපියල් කෝටි 1,090 ක් ආනයන බදු ලෙස අයකරගත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගුව අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
එම සහල් මෙට්‍රික්ටොන් 167000 තුළ කැකුළු සහල් මෙට්‍රික්ටොන් 66000 ක් සහ නාඩු සහල් මෙට්‍රික්ටොන් 101,000ක් ඇතුළත් වූ බවත් එම සහල් කිලෝවක් වෙනුවෙන් රුපියල් 65 බැඟින් ආනයන බදු අය කළ බවත් අරුක්ගොඩ මහතා කීය.
ඒ අනුව සහල් මෙට්‍රික්ටොන් එකකට ඩොලර් 220 ක් හෙවත් රුපියල් 65,000 ක පමණ බද්දක් අයකළ බවද අරුක්ගොඩ මහතා කීය.
ආණ්ඩුව පසුගිය දෙසැම්බර් 4 වැනිදා ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසරදීමෙන් පසුව මෙම මස 10 වැනිදා දක්වා මෙම සහල් ප්‍රමාණය ආනයන කර තිබූ බවත් ඉන් සියයට 90 කට වැඩි ප්‍රමාණයක් පෞද්ගලික අංශය ආනයන කර තිබූ බවත් ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි හොයන්න ඉම්පෝර්ට් කරනවා. නැතිනම් කන්න නැති දුප්පත් ජනතාවට ආදරේට නෙවෙයි. හැම එකෙන්ම ගසාකනවා. ඔක්කොම එකයි. ආණ්ඩුව කළත්, පුද්ගලික ආයතන කළත් හොරකමමයි . අවසානයේ ගෙවන්න ඕනෙ දුප්පත් ජනතාව හාල් කිලෝ 1කට රුපියල් 65 ක්... ටැක්ස්. හෙණම ගහන්න ඕනෑ...
රජය මේ 65 බද්ද අයින් නොකරපු එක ඉතාමත්ම නිවැරදි තීරණයක් නැත්නම් මේ වාසිය පාරිභෝගිකයන්ට ලැබෙන්නෙ නැහැ. ඒ පිළිබඳව අතීත අත්දැකීම් තියෙනවා.
01. යහපාලනය කාලයේ ඇමතියෙක් කිව්වා ගම්මිරිස් ආනයනය කර ප්‍රතිඅපනයනය මගින් රේගුවට ආදායම් වැඩිවෙනවා කියලා... මිනිහාට තේරුම්ගන්න බැරිවුණා... දේශීය ගම්මිරිස් ගොවියා අනාථවෙලා කියලා 02. ලංකාවේ වැවෙන වී වලින් සහල් ගතහැකිව තිබියදී රටතුළ තියෙන විනිමය විදෙස් ගතකර සහල් ගෙන්වා රටතුළ තියෙන මුදල් රේගුව අයකර මෙච්චර මුදලක් උපයාගෙන තියෙනවා කියලා කොහොමද ටිකිරි මොළේ?