(යොහාන් භාසුර)
සහල් සහ සීනිවලට උපරිම සිල්ලර මිලක් පනවමින් පාරිභෝගික කටයුතු අධිකාරිය අද (02) රාත්රී අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
කීරි සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125 ක් ද, සුදු සහ රතු සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 103 ක් ද, සුදු සහ රතු නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 98 ක් ද, සුදු සහ රතු කැකුළු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 95 ක් ලෙස ද රජය උපරිම සිල්ලර මිල පනවා තිබේ.
පැකට් කළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125 ක් සහ පැකට් කළ දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 128 ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය පියවර ගෙන තිබේ.
ආනයනික සුදු සීනි කිලෝවක උපරිම තොග මිල රුපියල් 116 ක් වේ.
පැකට් නොකළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 122 ක් සහ පැකට් නොකළ දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125 ක් බව ද රජය නිවේදනය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පොලිසිය, රහස් පොලිසිය, පාරිභෝගික සේවා අධිකාරිය විසුරුවා හැර එම වගකීම් වෙන ආයතනයට පැවරුවා නම් ලංකාවේ සොරකම් අඩුකරන්න තිබුනා.
ලස්සනට වැඩිකලා, කොරෝනා වලට ජයවේවා.
මෙහෙම එකක් එන්ඩ ඕන. මීට පෙරද සහල් සඳහා පාලන මිලක් ඇති කලද, එය ගැසට් පත්රයකට සහ සතොසට සීමා විය.
පාලන මිල යනු සහල් මොල් හිමියා නියම කරන මිලයි. එය ඔහුගෙ ලාබය මතම රැදෙනවා විනා වෙන යමක් නැත. වී තියෙනවා ගබඩා වල 'සර්' කිව්වා, හැබැයි අන්තිමට මොල් හිමියාගෙ ගානටම හාල් ගන්න උනා. ජනතාව අසරණයි ආණ්ඩුව නිහඩයි. බොරුවට පාලන මිලක් කියල උපරිම මිලක් දානවා. අඩු කරල දෙන්න ඔනි එක වැඩි කරල මොකක්ද කරන්නෙ. උපරිම වී ගන්නෙ රුපියල් 52යි නම් තව 52ක් ඔනිද.... ගොවිය විදින්න ඔනි සියලු දුක් විදල, ණය වෙල 52ට විකුනනන්වා, කොහෙවත් ඉන්න මොල් හිමියා තව 50කට වඩා ගසා කනවා. කො පාරිභොගික අධිකාරිය ?
ඔය කියන පාලන මිලට බඩු ගන්න නැති එකයි ප්රශ්නේ.