IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සහල් වැඩි මිලට විකුණුවොත් දැනුම් දෙන්න

(යොහාන් භාසුර)
සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කළ 2278/02 දරණ ගැසට් පත්‍රය නොසලකා හරිමින් වැඩි මිලට සහල් අලෙවි කිරිම සම්බන්ධව නඩු පැවරීමකදී තනි පුද්ගල ව්‍යාපාරයකට අවමය රුපියල් ලක්ෂයේ සිට උපරිමය රුපියල් ලක්ෂ 5 දක්වා දඩ මුදලක්ද, පුද්ගලික සමාගමක් සඳහා අවමය රුපියල් ලක්ෂ 5 යේ සිට රුපියල් ලක්ෂ 50 දක්වා දඩ මුදලක් ද  අධිකරණයට නියම කළ හැකි බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

ඒ අනුව කීරි සම්බා කිලෝවක් රුපියල් 260 කට, සම්බා කිලෝවක් රුපියල් 230 කට, නාඩු කිලෝවක් රුපියල් 220 කට සහ රතු කැකුලු කිලෝවක් රුපියල් 210 කට යන උපරිම සිල්ලර මිලට සහල් අලෙවි කළ යුතු බවත් සහල් අලෙවි කිරිමේදී ඉහත මිල ගණන් නොඉක්මවා සහල් අලෙවි කරන ලෙස වෙළඳුන්ට දැනුම් දෙන බවත් එම අධිකාරිය සඳහන් කරයි.

සහල් වැඩි මිලට අලෙවි කරන වෙළඳසලක් වේ නම් ඒ සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 වෙත තොරතුරු දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම අධිකාරිය වැඩිදුරටත් කීය.



අදහස් (1)

සහල් වැඩි මිලට විකුණුවොත් දැනුම් දෙන්න

වටලප්පං Thursday, 07 September 2023 07:59 PM

ඇත්තටම බොල මොනවද මේ දොඩවන්නේ? අපේ පැත්තේ තවමත් රතු කැකුලු කිලෝවක් රුපියල් 160කට වගේ ගන්න පුළුවන්... මම අදත් ගත්තා කිලෝ 10ක්... ඔබලා හදන්නේ කොහොමහරි කරලා කිලෝව රුපියල් 210 කරන්නද? අනේ ඔබලා ගේම දන්නේම නැති බබ්බු...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site