(යොහාන් භාසුර)
සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කළ 2278/02 දරණ ගැසට් පත්‍රය නොසලකා හරිමින් වැඩි මිලට සහල් අලෙවි කිරිම සම්බන්ධව නඩු පැවරීමකදී තනි පුද්ගල ව්‍යාපාරයකට අවමය රුපියල් ලක්ෂයේ සිට උපරිමය රුපියල් ලක්ෂ 5 දක්වා දඩ මුදලක්ද, පුද්ගලික සමාගමක් සඳහා අවමය රුපියල් ලක්ෂ 5 යේ සිට රුපියල් ලක්ෂ 50 දක්වා දඩ මුදලක් ද අධිකරණයට නියම කළ හැකි බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.
ඒ අනුව කීරි සම්බා කිලෝවක් රුපියල් 260 කට, සම්බා කිලෝවක් රුපියල් 230 කට, නාඩු කිලෝවක් රුපියල් 220 කට සහ රතු කැකුලු කිලෝවක් රුපියල් 210 කට යන උපරිම සිල්ලර මිලට සහල් අලෙවි කළ යුතු බවත් සහල් අලෙවි කිරිමේදී ඉහත මිල ගණන් නොඉක්මවා සහල් අලෙවි කරන ලෙස වෙළඳුන්ට දැනුම් දෙන බවත් එම අධිකාරිය සඳහන් කරයි.
සහල් වැඩි මිලට අලෙවි කරන වෙළඳසලක් වේ නම් ඒ සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 වෙත තොරතුරු දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම අධිකාරිය වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම බොල මොනවද මේ දොඩවන්නේ? අපේ පැත්තේ තවමත් රතු කැකුලු කිලෝවක් රුපියල් 160කට වගේ ගන්න පුළුවන්... මම අදත් ගත්තා කිලෝ 10ක්... ඔබලා හදන්නේ කොහොමහරි කරලා කිලෝව රුපියල් 210 කරන්නද? අනේ ඔබලා ගේම දන්නේම නැති බබ්බු...