IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සහල් ලොරියයි - බුලත් ලොරියයි එකට ගැටී පහක් රෝහලට

(නිමල් ජයරත්න)

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර තිහේ කණුව ප්‍රදේශයේදී පෞද්ගලික සහල් ලොරියක් සහ බුලත් ලොරික් අද සවස මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින්, බුලත් ලොරියේ ගමන් ගත් පස් දෙනෙකු තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුලත් කර ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි.

සිංහපුර මාර්ගයේ පහතට නැමී ඇති ගස්වල අතු මගහැර ගමන් කිරීමට උත්සාහ දරූ සහල් ලොරිය ඉදිරියෙන් පැමිණි බුලත් ලොරියේ ගැටීමෙන් පසු ලොරි රථ දෙකම ලිස්සා ඇති බවද ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

සිංහපුර පෞද්ගලික සහල් මෝලකින් සහල් පටවාගෙන පොළොන්නරු දක්වා ගමන් කරමින් සිටියදී පොළොන්නරුවේ සිට සිංහපුර දක්වා බුලත් ප්‍රවාහනය කරමින් තිබු ලොරියක ගැටී මෙම අනතුර සිදුව ඇත.

 

 



අදහස් (0)

සහල් ලොරියයි - බුලත් ලොරියයි එකට ගැටී පහක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site