(යොහාන් භාසුර)
යළ කන්නයේ අස්වැන්න ලැබීමත් සමඟ සහල් කිලෝවක මිල රුපියල් 20 කට වඩා අඩු කළ හැකි යැයි මහවැලි කළාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස, පොදු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා අද (20) පැවසීය.
යළ කන්නේ අස්වැන්න මේ දිනවල නෙළමින් තිබීමෙන් අලුතින් වෙළෙඳපොලට එන හාල් කිලෝවක් පවතින මිලට වඩා රුපියල් 20 කටත් අඩුවෙන් ලබාදීමට හැකි යැයි කී අමාත්‍යවරයා මේ වන විටත් රුපියල් 190 සිට 100 දක්වා හාල් මිල අඩු වී ඇති බව සඳහන් කළේය.
වී තොග රැස්කිරීමට බැංකුවලින් ණය දීමේ ප්‍රතිඵලයක් හැටියටයි තරගයක් ඇතිවීමෙන් වී වැඩි මිලට ගත්ත අයට සහල් අඩු මිලට අළෙවි කළ නොහැකි වී ඇති බවත් පරණ වීවලින් නිපදවන හාල් තවමත් රුපියල් 20 ක් 25 ක් වැඩි බවත් අමාත්‍යවරයා කීය.
බත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (20) පැවැති මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහල් මාෆියාව නැත්නම් සහල් මිල මේ තරම් වැඩි වැඩි වන්නේ නැහැ. අදාල බලධාරීන් නිසි ක්‍රියා මාර්ග ගත්තේ නම් රුපියල් 20ටත් වැඩියෙන් මීට පෙර අඩු කිරීමේ හැකියාව තිබුණා. පමාවී හෝ හොඳ ක්‍රියා මාර්ගයක් ගැනීමට යාම ජනතාවට සහනයක්...
ඔය රුපියල් විස්සත් තියාගෙන තොළොන්චි වෙලා ගියා නම් නේද හොඳ...?
20 කින් වැඩිනම් කරයි. අපි දන්නවනේ ඔය හාල් මුදලාලිලාගේ තණ්හාව...