(යොහාන් භාසුර)
සහල් ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 65 ක බද්ධ ශත 25 ක් දක්වා අඩු කරමින් මුදල් අමාත්‍යංශය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මාස හයක කාලයකට බලපැත්වෙන පරිදි නිකුත් කර ඇති මෙම බදු අඩුකිරීමේ ගැසට් නිවේදනය සමඟ පෞද්ගලික අංශයට සහල් ආනයන කිරීමේ අවස්ථාව උදාවූ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ ආනයනකරුවන් අතර පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට එළඹ තිබේ.
දේශීය ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදකයන් දිගින් දිගටම සහල් මිල අත්තොනෝමතිකව ඉහළ දැමීම පිළිබඳව අවදානය යොමු කරමින් රජය මෙම තීරණය ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම සීනි බද්ධත් ශත 25ට අඩු කරලා එක්කෙනෙක්ට ලොකු සහනයක් දුන්නා...
එක් අතකින් රජයට ලැබෙන ආදායම් අහිමි වෙනවා. වී ගොවීන් අසීරුවට පත්වී ඔවුන්ගේ ජීවනෝපාය නැතුව යනවා .ගොවි බිම් පුරන්ව ගියාම ඒවාත් විකුණගෙන කනවා.2030 වනවිට විවිධ රටවල කියාවි ශ්‍රී ලංකාව නම් ඉතා සශ්‍රීක රටක් තිබුනා, ඒකට ඉන්දියන් සාගරයේ මුතු ඇටය කිව්වා ,නිකං ඉඳගෙන කන්න පුරුදු ඒ රටේ මිනිස්සු ලක්ෂ හැට නවයක් චන්දය දීලා, ඒ මදිවට විධායක බලතල අසීමිතව දීලා , විදෙස් පුරවැසියකු මුදල් ඇමතිවරයා කරල රට විනාශ කලා කියලා, පුවත් පතක ලංකාව වල පල්ලට ගිය රටක් ලෙස නම්කර පාලකයා ඉතිහාස ගතකරාවි.
දැන් මේ බදු මුදල් අයකරද්දීත් පිට රටින් ගෙනා සහල් කිලෝවක් රුපියල් 98 ට දෙනවා. බදු මුදල් අඩුකර රුපියල් 33ට සහල් කිලෝවක් දෙන්ඩ හදන්නේ.?
මහින්දානන්දට දැන් කියන්න පුළුවන් මේ බදු අඩු කිරීම නිසා තමයි තමාට කෘෂිකර්මාන්තය නගා සිටින්න බැරි වුනා කියලා. කොහමටත් ඔහු වැඩ කරන කෙනක් නොවේ.
ගොවියා ගෙන් වී මිලදීගෙන සහල් කර වෙළඳ පොලට නිකුත් කිරීම , රජයට පහසු කියවලියක් උනත් කරන්නේ නැත්තේ මේ වී මෝල් හිමියෝ ඒ ගොලොල්ගේම කට්ටියක් නිසා.
සීනිවලට වූ වින්නැහිය වේවි. ජනතාවට සහනයක් වේදැයි බලා සිටිමු.
ළඟදීම සහල් පෝලිමේත් ඉන්න වෙයි වගේ... රටට සාපයක් නොවී කොළොන්චි වෙලා පලයල්ලා.
මේ වගේ දේවල් වලින් ගසාකාලා මේ පාලකයින්ට යන්න අපායක් තියනවාද? එහෙම එකක් නැතිනම් බුද්ධාගම බොරු. මම ඒක අතහරිනවා...
පෝලිම්, ඒත් ඉන්න බැරි නම් තොලොංචි වෙලා යන්න.. අපේ රටේ අපි පෝලිම්වල ඉන්න බය නැහැ...
සීනි හොරා වගේ තවත් හිතවත් හාල් හොරෙක් ඇති ජනතාව සුරන්කන්න.