
(අංජුල මහික වීරරත්න)
විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලබන සිංහල අලුත් අවුරුද්ද වන විට පවතින්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
එම අනාවැකිය ලියා තියා ගන්නා ලෙස ද අබෙිවර්ධන මහතා කීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති ආසන සංවිධායක හමුවකදී අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
ළඟදී මැතිවරණයක් එනවදැයි ඇතැම් අය අහන බව කී අබෙිවර්ධන මහතා ලබන අයවැයෙන් පවා මැතිවරණයකට මුදල් වෙන් කළහොත් ජනතාවට අවශ්‍ය පෙට්ට්‍රල්, ඩීසල්, ගෑස්, භුමිතෙල් ලබාගන්න බැරි වනු ඇතැයි කීය.
මුලින්ම අපි ආර්ථිකය ස්ථාවර කර මැතිවරණයක් පවත්වන්න අවශ්‍ය මුදල් සොයාගත යුතු බව කී අබෙිවර්ධන මහතා ඉන් අනතුරුව ඕන මැතිවරණයක් පවත්වන්න හැකියාව තිබෙන බව සඳහන් කළේය.
පැරණි දේශපාලන ක්‍රමවේදයෙන් මේ රටේ බලය අල්ලන්න හෝ තවදුරටත් රට ඉදිරියට ගෙනියන්න බැරි බව කී අබෙිවර්ධන මහතා ජනාධිපතිවරයා ද ඒ කාරණය පිළිගෙන ඇති බව සඳහන් කළේය.
විපක්ෂය තවදුරටත් පැරණි දේශපාලන ක්‍රමවේදයම ක්‍රියාත්මක කරමින් සිටින බව කී අබෙිවර්ධන මහතා ඒ ක්‍රමය තාවකාලික බවද විපක්ෂය කරන වැඩෙන් සිද්ධ වෙන්නේ රට නැවත වතාවක් අමාරුවේ වැටෙන එක බව සඳහන් කළේය.
එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර,උප නායක අකිල විරාජ් කාරියවසම් මහත්වරු ප්‍රමුඛ එජාප නායකයෝද මෙම අවස්ථාවට සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සන් කොටුවේ ඉන්න ඕනේ අය කතාකරන කොට ඔහොම තමයි. අනික ගඟෙන් එහාපැත්තෙත් නෑ.
UNP දෙවන සහ අවසාන වාර්තාවත් ඉවරයි.
වජිර මහත්තයෝ ඔය බයිලා ගහලා ජනාධිපතිවරණය එහෙම කල් දාගන්න බලනවා නෙවෙයි ඕන්...!
එජාපය... කැට තියලා කියන්නම්...!
මේ නොකියා කියන්නේ එජාපය ගැනම තමයි.
නොදැනුවත් කම පුදුම වෙන්න දෙයක් නැහැ. මේවගේ කෙනෙකුට මිනිස්සු මනාපෙ ගහවිද? ගාලු දිස්ත්‍රික්කයෙන් මනාප 5000 ගන්න බැහැ. මෙයා හිතන් ඉන්නේ තවම මෙයා ජීවත් වෙන්නේ 2019 කියලා. 2020 දී ප්‍රධාන විපක්ෂයේ 3% වැටුණා.
මෙයා ගණන හදන්නේ පාසලේදී වගේ 1,2,3, වශයෙන්, 3% ගත්තු එජාපයේ තමයි මෙයාගේ ගණිත ශාස්ත්‍රය අනුව ඉහළින්ම ඉන්නේ ඊළඟට ජවිපය... ඊට පස්සේ සමගි බලවේගේ... මෙහෙමත් විකාර..
වජිර මහත්තයා මේ කතාකරන්නේ මොන්ටිසෝරි ළමයි වගේද...? අවසාන කාලේ ආස ආස දේවල් කියලා ෆන් එකක් ගන්න ඡන්දෙ එනකන්... අපි එතෙක් ඉවසීමෙන් ඔය හැමදේම බලාසිටිමු.
හැම පක්ෂයක්ම අතුරුදහන් වෙනවා නම්...!
වජිර මහත්තයා කිව්වා හරියට හරි. ආණ්ඩු පක්ෂය විපක්ෂයට ගිහිල්ලා එහෙමත් නැතිනම් අතුරුදහන් වෙලා දැනට තියෙන විපක්ෂ කණ්ඩායම් ආණ්ඩුවක් පිහිටුවයි.
මේ අයට මහත්තයා කියන අයට ගහන්න ඕනෙ ඉස්සරවෙලාම...
දැන් අවුරුදු කීපයක් වෙනව ඔකවෙලා