
(***සුජිත් හේවාජුලිගේ, ***ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, ***ඉන්දිකා රාමනායක සහ *** අරනායක - ප්‍රදීප් ධර්මරත්න)
මරාගෙන මැරෙනු පිණිස රට පුරා තරුණියන් 15 දෙනකු පාස්කු ඉරු දින ප්‍රහාරයේ මහ මොළකරු වූ සහරාන් හෂීම් නමැත්තා යටතේ අවි පුහුණුව ලබා ඇතැයි තොරතුරු හෙළිවී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවැසීය.
මෙම තරුණියන් 15 දෙනා සිය පුහුණුවීම් අවසන් කිරීමෙන් පසුව මරාගෙන මැරෙන්නට සූදානම් බවට වූ ‘බයියත්’ යනුවෙන් හැඳින්වූ ප්‍රතිඥාවක් ද සහරාන් හෂීම් නමැත්තා ඉදිරියේ ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
මෙම තොරතුරු හෙළිවී ඇත්තේ අන්තවාදී දේශනවලට සහභාගි වීමේ චෝදනාව යටතේ මාවනැල්ල හිඟුල ප්‍රදේශයෙන් පෙරේදා (20) අත්අඩංගුවට ගනු ලැබූ ඊබ්‍රාහිම් ෂහීඩා නමැති 24 හැවිරිදි තරුණියගෙන් ප්‍රශ්න කිරීමේදීය.
අත්අඩංගුවට ගනු ලැබූ මේ තරුණිය ද මරාගෙන මැරෙන පුහුණුව ලැබූ එම තරුණියන් පහළොස්දෙනා අතර සිටි තැනැත්තියක යැයි පොලිසිය පවසයි.
මෙම තරුණියන් 15 දෙනා සහරාන් හෂීම් නමැත්තා මාවනැල්ල ඇතුළු ප්‍රදේශ රැසක පැවැත්වූ දේශනවලට සහභාගි වී ඇතැයි තොරතුරු හෙළිවී තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
තරුණිය මාවනැල්ල හිඟුල ප්‍රදේශයේදී පෙරේදා අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ සිට එහි ගිය ත්‍රස්ත විමර්ශන කොට්ඨාස නිලධාරීන් කණ්ඩායමක් විසිනි.
මරාගෙන මැරෙනු සඳහා සහරාන් ඉදිරියේ ප්‍රතිඥාව දුන් තරුණියන් පහළොස්දෙනාගෙන් පස්දෙනකු අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේදී 2019 වසරේ අප්‍රේල් මස 25 වැනිදා සිදු වූ බෝම්බ පිපිරීම්වලදී මියගොස් ඇති බවත් අනෙක් තරුණියන් දසදෙනාගෙන් හත්දෙනකු රැඳවුම් නියෝග යටතේ ද තිදෙනකු රිමාන්ඩ් බාරයේ ද පසුවන බවත් අජිත් රෝහණ මහතා පැවැසීය.
දැනට රැඳවුම් නියෝග මත සිටින සැකකාරියන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිදරව් තොරතුරු මත ඊබ්‍රාහිම් ෂහීඩා නමැත්තිය මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය පවසයි.
අත්අඩංගුවට ගනු ලැබූ මෙම තරුණියගේ පියා වන 50 හැවිරිදි රෂීඩ් මොහොමඩ් ඊබ්‍රාහිම් නමැත්තා පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ද මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල් හක් සහ මොහමඩ් ඊබ්‍රාහිම් ෂාහිඩ් අබ්දුල් හක් යන සහෝදරයෝ දෙදෙනා මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද මෙයට පෙර අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරයේ පසු වෙති.
තරුණියගේ පියා විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මාවනැල්ල හිඟුල ප්‍රදේශයේදී ඉකුත් 2019 වසරේ ජනවාරි මස 22 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.
මේ තැනැත්තාට අයත් හිඟුල ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක සඟවා තිබී පුපුරණ ද්‍රව්‍ය, පණිවුඩ හුවමාරු යන්ත්‍ර සහ වායු රයිෆලයක් ඇතුළු භාණ්ඩ තොගයක් සොයා ගැනීමෙන් පසුව ඒ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා ඔහු මෙසේ අත්අඩංගුවට ගන්නා ලදී.
රෂීඩ් මොහොමඩ් ඊබ්‍රාහිම් නමැත්තා සහරාන් යටතේ අන්තවාදී දේශන පවා පවත්වා ඇති අයකු යැයි ද පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.
තරුණියගේ එක් සහෝදරයකු වන සාදික් අබ්දුල් හක් නමැති සැකකරු ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිය ලබා ගම්පොළ ප්‍රදේශයේ විදුහලක ස්වේච්ඡා ගුරුවරයකු වශයෙන් සේවය කළ අයකු වන අතර අනෙක් සහෝදරයා මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරියකු බව පොලිසිය පවසයි.
මෙම අයියා මලෝ අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඊබ්‍රාහිම් ෂහීඩා නමැති මෙම සැකකාරිය ද අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහරිනු ලැබුවාය.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් යටතේ මෙම සැකකාරිය රැඳවුම් නියෝග මත රඳවාගෙන දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යන බව පොලිස් මූලස්ථානය පවසයි.
මරාගෙන මැරෙන බවට සහරාන් හෂීම් ඉදිරියේ දිවුරුම දුන් කාන්තාවන් හා තරුණියන් 15 දෙනා මෙසේය.
මියගිය කාන්තාවන්
• සහරාන්ගේ මව අබුදුල් සතාර් සිත්ති උම්මා
• සහරාන්ගේ සහෝදරියක වන මොහොමඩ් කාසිම් හිද්‍රායා
• අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ මොහොමඩ් සෙයිනාගේ බිරිඳ වන ආදම් ලෙබ්බේ ෆාතිමා
• සහරාන්ගේ සොහොයුරා වන මොහොමඩ් රිල්වාන්ගේ බිරිඳ මොහොමඩ් නස්හත් ෆාතිමා නෆ්නා
• අන්තවාදී ක්‍රියාවලට එක්වූ අසාද්ගේ බිරිඳ වන ෆෙරෝසා
රක්ෂිත බන්ධනාගාරගතව සිටින කාන්තාවන්
• සහරාන් හෂීම්ගේ සහෝදරිය මොහොමඩ් කාසිම් හිදායා
• මාවනැල්ල බුදුපිළිමවලට හානි කළ සිද්ධියේ සැකකරුවකු වන සාදික්ගේ බිරිඳ මොහොමඩ් පලීල් ෆාතිමා
• සාහිදා
• පාස්කු ප්‍රහාරයට අදාළව ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මොහොමඩ් මිල්හාන්ගේ බිරිඳ වන මොහොමඩ් අහමදුල්ලා ෆාතිමා ජුස්තා
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ භාරයේ පසුවෙන කාන්තාවන් හත් දෙනා
• සහරාන්ගේ රියදුරා වූ ගෆූර් මාමා නමැත්තාගේ බිරිඳ වන උදුමාලෙබ්බේ ෆරිසානා
• සහරාන්ගේ ළඟම ඥාතියෙකුගේ බිරිඳ වන කාන්තන්කුඩිහි මුම්මදු හනීෆා නුස්රා
• මොහොමඩ් මිල්හාන්ගේ බිරිඳගේ මව වන මොහොම්මදු සාලිහ් ජුෆයිඩියා
• කාන්තන්කුඩිහි දරුල් අදර් පල්ලියේ සභාපති රවුෆ්ගේ දියණියක වන 22 හැවිරිදි අබ්දුල් රවුෆ් ෆාතිමා සාරා සහ ඇගේ මව වන අබ්දුල් කුද්දාස් සිත්ති සාතුනා
• කාන්තන්කුඩිහි පදිංචිව සිටි සෙයියදු අහමදු අස්මියා
• පසුගියදා අත්අඩංගුවට පත් 24 හැවිරිදි මොහොඩ් ඊබ්‍රාහීම් සහිඩා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහරාන් කල්ලියේ ක්‍රියාකාරකම් ගැන මොනතරම් පුවත් මැවුණත්, මේ රටේ ඒක අවසානයේ ප්‍රවෘත්තියක් පමණමයි. ඒක තමයි ඇත්ත. දැන් මේ ප්‍රශ්නය අල්ලාගෙන රජයට ආවඩන සමහර දෙනා හොඳ මුස්ලිම්වරුන්වත් පට්ටා පතුරු ගහවි. පාලකයින්ට ලකුණු දෙන්න වෙර වඩාවි. ඒ වගේ අනිසි ක්‍රියාවන්ගෙන් ප්‍රශ්නය තවත් ඔඩු දුවාවි. මේ වගේ අවස්ථාවන් වලදී දෙපැත්තෙන්ම බැටකන හොඳ මුස්ලිම්වරුන් අන්තවාදීන්ට හා අන්තවාදී ජාතිවාදී දේශපාලකයන්ගේ උගුලේ නොවැටීමට වගබලා ගැනීම වැදගත්. ද්‍රවිඩ අන්තවාදී දේශපාලකයින්ගේ සැබෑ නිරුවත පෙන්වාදුන් එක්තරා දෙමළ සත්‍යවාදියකු මෙන් තම ජාතියේ යහපත් පැවැත්ම වෙනුවෙන් හොඳ මුස්ලිම් ජනතාව ක්‍රියාකළ යුතු කාලය එළඹ ඇත. එවන් විටෙක අන්තවාදීන්ගේ ක්‍රියා වැඩිදියුණු නොවනු ඇත.
දැන් ඕක හැමෝම දන්නවානේ. ඔය බයිලාව නවත්වලා ඔය සහරාන්ට උදව් කරපු ලොක්කා කවුද කියලා හෙව්වා නම් ඉවරයිනේ. මොකද සාමාන්‍යෙයන් ලොක්කෝ මැරෙන්නේ අන්තිමට.. නැතිනම් මැරෙන්නේ නැහැ. මොකද මේ අපේ රටේ එක දේශපාලන පක්ෂයක් සහ විදේශ රටක් එකතු වෙලා ගහපු ගේමක්.
බෝම්බ කාරයෝ නොවෙයි, මේක පිටිපස්සේ ඉන්න දේශපාලකයින්, හෙංචයියන් ටිකයි අල්ලන්න ඕනේ. එහෙම නැතිනම් මේකත් අවුරුදු 30කට වඩා යන දෙයක් වෙනවා අනිවාර්යයෙන්.. මැදමුලන මුණුබුරන්ට ගොඩයන්න අවස්ථාවක් තියන්න තමයි මේ වගේ පරීක්ෂණ බාගෙට වෙනවා පේන්නේ..
ඕක ඊළඟ ජනාධිපතිවරණය දක්වා අදිනවා. ඇයි එහෙනම් වාර්තාව එළියට දාන්නේ නැතුව බලන් ඉන්නේ? ලබන අවුරුද්දේ කියයි "සාරා නොහිත් පුලස්තිනි" අත්අඩංගුවට ගත්තා කියලා..
කටුවාපිටිය විරෝධතාව නිසා, ඕක ඔතැනින් ඉවරයි.
පුහු ජාතිවාදය හා ආගම්වාදය මවා පෙන්වා තම පාලකයන්ගේ සියලු වැරදි නිදොස්කොට නිදහස් කිරීමට නිතර වෙර දරන බමුණාගේ මන්ද මානසිකත්වය ඉහත අදහස් දැක වෙව්ලනවා ඇති.. පව්..!!!
එක්කෝ දඬුවම් දෙන්න... නැත්නම් නිදහස් කරන්න. අර අයට හිරේ ඉන්නත් නෑ.. ගෙදර ඉන්නත් නෑ. ඡන්දයක් ළං වෙද්දී හිරේ. ඉවර වුණාම ගෙදර.
ඉන්දියාවට පැනලා ගිය සාරා හෙවත් පුලස්තිනිය ඇයි ඉන්දියාවෙන් ඉල්ලන්නේ නැත්තේ? අැයි ඉන්දියාවත් ඔහුව ගහගෙන ඉන්නෙත්? ඉන්දියා රජය කවදත් අපිට හතුරුයි. ඔවුන් තමයි කොටින්ව පෝසත් කළේත්... 1987දී ප්‍රභාකරන්ව මැරුවේත් ඉන්දියාව. මේ ප්‍රහාරයට පිටි පස්සෙත් ඉන්නේ ඉන්දියාව.
මේවා රඟපෑම් විතරයි...
මේ කෙල්ල ඇත්තටම ත්‍රස්තයින්ගේ කෙල්ලෙක්ද? නැතිනම් මේ රජය විසින් හදපු කෙල්ලෙක්ද..? පාස්කු ප්‍රහාරයේ පිටුපස හිටපු කට්ටිය ගැන තොරතුරු හෙලිවේගෙන එන නිසා තිරය පිටුපස හිඳ ලස්සනට මුස්ලිම් රූකඩ පැංචන්ව නටවා අන්තිමට බලය ගත්ත මැදමුලන රැල දැන් කලබල වෙලා... හත්පොලේ ගා ගන්නවා.
මට තියෙන ප්‍රශ්නය තමයි මේකෙ නායකයා වෙච්ච සහරාන් මුලින්ම මැරණේ ඇයි කියන එක. එයාවත් කවුරු හරි රැවැට්ටුවද? මොකද මේ පුහුණුවීම් ඔක්කොම මෙහෙයවපු නායකයෙක් ඔහොම මැරිලා යයිද?
ළඟදී ඡන්දයක් එනවා. සිංහල ඡන්ද වලින් පොහොට්ටුව දිනුම්... රට පෙරට...
දැන් කියන හැටියට 15 දෙනාගෙන් කොටසක් මැරිලා අනික් කොටස අත්අඩංගුවේ ඉන්න වෙලාවේ මෙයා විතරයි එළියේ හිටියේ. එතකොට මෙයාගෙන් ගන්න මේ තොරතුරු අර දැනට හිරේ ඉන්න අයගෙන් දැනගන්න බැරි තරමට අපේ රහස් පොලීසිය දුර්වලද? මේක තමයි දවසේ විහිළුම කතාව. ලොකුවට අල්ලගත්තා කියනවා ලැජ්ජා නැතිව...