(නිමල කොඩිතුවක්කු)
පෞද්ගලික බස් රථ සේවකයන් සඳහා රජය කඩිනම් සහනයක් ලබා නොදුනහොත් සංචරණ සීමා ඉවත් කළත් බස්රථ ධාවනයට පියවර නොගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
සංචරණ සීමා හේතුවෙන් බස් රථ ධාවනය නොවීමෙන් බස් රථ සේවකයන් පනස් දහසකට සහ බස් රථ හිමියන් 11,000 කට පමණ මේ වන විට කිසිදු ආදායමක් නොමැතිව දැඩි දුෂ්කර තත්වයකට පත්ව ඇති බවත් විජේරත්න මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් ඔවුන්ගේ පවුල් වලට එදිනෙදා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා ලබා ගැනීමට නොහැකිව දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බවත් ඔහු සඳහන් කළේය.
මේ පිළිබඳ අවධානය යොමුකර බස් රථ සේවකයන් සඳහා සහන පැකේජයක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඊළඟ ත්‍රස්තවාදය. අඩුවට තිබුනේ එච්චරයි. දැන් එන්න ගනියි පෝලිමට සහන ඉල්ලන කට්ටිය. කිසිවකුට කිසිඳු සහනයක් නොදී නීතිය හරියට ක්‍රියාත්මක කළ යුතුයි...
අනේ මේ "නොදකින් ගැමුණු" ඔයාලාට පාඩු නම් ඔය පතෝල මැසිටික පරණ යකඩවලට විකුණලා දාලා නිකන් ගෙදරට වෙලා ඉන්නවලකෝ... මොකටද පාඩු නම් අතින් කාලා හරක් බලන්නේ... එ්ක මිනිස්සුන්ටත් කරන සේවයක්. එ් නිසා සදහටම පාරට දාන්නේ නැතිව ඉන්නවා ඔය "මලකටු" ටික... ආපහු අරක නැහැ, මේක නැහැ කියන්න එපා. තේරුණා නේද...?
සහනයක් කියලා කියන්නේ මගීන්ව ගසා කන්න ඉඩ දෙන එකද ?
පාඩු නම් දුවන්නේ නැතුව අයින් වෙලා කැමති එක්කෙනෙක්ට දුවන්න පර්මිට් එක දෙන්න .සංදර්ශන එපා
පාඩු නම් අත ඇරලා දානවා රජය විසින් කිසිම සහනයක් නොදිය යුතුයි ඒ සියලුම සහන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ලබාදිය යුතුයි
මෙයාත් වෛද්‍ය සංගම්ට සමානයි. මෙයාට තියන්නේ ලෙඩක්. විටින් විට වැඩ වර්ජන නැතුවම බැහැ.
කොච්චර සහන දුන්නත් මේ ගොල්ලෝ හැදෙන්නේ නැහැ
අර හාල් වගේ මෙන්න මේ අයගේ දුවන්නේ නැති බස් ටිකත් රාජ්‍ය සන්තක කරන්න
අම්මො මෙයාලගේ ජරා බස් ටික නැතුව පාරේ තියන ලස්සන.. මේ ඇඳිරි නීතිය දිගටම තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා.. එතකොට මේ යක්කුන්ටම එපා වෙලා මේ "කර්මාන්තේ" අතෑරලා දායි.. පස්සේ මේක ආණ්ඩුවෙන්ම කරන් යන්න තියෙන්නේ අර මයික්‍රෝ වගේ සමාගමක් එක්ක... මේක හාල්, සීනි මාෆියාවට වඩා දරුණු එකක්...ඔය කයිය ගහපු එක ඇමතියෙක්ට බැරි වුණා සෙමි ලක්ෂරී මාෆියාව නවත්තන්න..
හොඳට තිබුණු ලං.ග.ම. වලපල්ලට ඇදලා දාලා.. තමන්ගේ ඇම්බැට්ටයින්ට ඕනෑ ආකාරයට මුදල් උපයන්න ජේ.ආර්. ගේ කට්ට මොළෙන් ගහපු ගැටෙන් විඳෙව්වා හොඳටම ඇති. ඔය පුද්ගලික බස් ටික ලං.ග.ම.ට පවරා ගත්තා නම් ජනතාව දිනුම්...
පෞද්ගලික ව්‍යාපාර කරන අයත් කතා කරන්නේ රජයේ සේවයක් වගේ. ලංගම වැඩි දියුණු කරලා ගත්තා නම් මේ අය මෙහෙම දඟළන්නේ නෑනේ... එහෙම එකක් නොවෙන නිසා ඉතිං ඕනම රජයකට මෙයාලා ගහන පදේට නටන්න වෙනවා..