
(ටී.ඇම්.සෝමපාල)
දිට්වා සුළි කුණාටුවටත් සමග වලපනේ නාපටවල ගම්මානයේ සිදු වූ නාය යාමෙන් නිවාස පහකට හානි සිදුව එක් කාන්තාවක මිය ගියද මෙතෙක් කිසිවකු අපි ගැන බලන්න ආවේ නැතැයි නාපටවල ගම් වැසියෝ පවසති.
මෙම අවාසනාවන්ත සිද්ධිය පසුගිය 27 වැනාදා සිදු වූ බවත් අද වන විට දින 18ක් ඉක්ම ගොස් ඇති නමුත් පස් කන්දට යටව ගිය නිවාස පහ පිළිබදව විස්තර ලබා ගැන්මට හෝ පස් කන්දකට යටව මිය ගිය කාන්තාව පිළිබදව හෝ විස්තර ලබා ගැන්මට හෝ ඔවුන්ට පිසූ ආහාර හෝ වියලි සලාකයක් හෝ නොලැබ අන්ත අසරණව සිටින බව විපතට පත් එහි ජනතාව පවසති.
මේ සම්බන්ධයෙන් ඩබිලිව්. ඇම්. දිසානායක මහතා මෙසේ පැවැසීය.
ගැහැණු දරුවන්ම හතර දෙනකු ඇති තමාගේ නිවස මුලුමනින්නම යටව ගියා. එය සිද්ධ වූණේ පසුගිය මාසයේ 27 වැනිදා නමුත් තමන්ගේ දුක පිළිබදව කිසිම රාජ්‍ය නිලධාරියකු සොයා බලන්න ආවේ නැහැ .
දැනට කුලි මුදලකට අසල්වාසී නිවසියකුගේ කාමරයක වෙසෙන තමන්ට මෙතෙක් වියලි සලාකයක් නොලැබුණු බව පවසා සිටියේය.
මෙම සිද්ධියෙන් මියගිය මයුරාවතී නැමති 63 හැවිරිදි කාන්තාව නිවසේ සිට පස් කන්දකට යටව ඇති බව දැනගත් ප්‍රදේශයේ තරුණ පිරිසගේ නොමද සහායෙන් මහ වැසි මැද මළ කද පමණක් ඔසවාගෙන කිලෝ මීටර් 04ක දුරක් පා ගමණින් මතුරට දක්වා ගෙන ගොස් මරණ සහතිකය ගන්න උත්සහ කළා නමුත් අසාර්ථකවීම නිසා තවත් කිලෝමීටර් 10ක පමණ දුරක් ගොස් රිකිල්ලගස්කඩ රෝහලට ගෙන ගියා. එහින් මරණ සහතිකය ලබාගෙන ආපසු තවත් කිලෝමීටර් 10ක් ඔසවාගෙන යාමට සිදුවීම අතිශයින්ම කණගාටු දායක බව ද කියා සියේය.


2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සහන කණ්ඩායම් නොදුටු වලපනේ නාපටවල
ලුම්බිණි Tuesday, 16 December 2025 05:40 AM
කොහොමද මේ ගම මග හැරුනේ? කෝ ග්‍රාම සේවකල? මේ ගැන රජය සොයා බැලිය යුතුයි .
පප්ප Tuesday, 16 December 2025 08:22 AM
දැන් ක්‍රියාත්මක වන්න පුලුවන්, රටේ හැම තැනම ආපදාව සිදුවුණු නිසා සමහර ප්‍රදේශවලට වුන හානි වාර්තාවුනේ නැහැ. දැන් ආපදා කලමනාකරණයට ප්‍රදේශයට ළගාවෙයි. මාධ්‍යයේ සහාය මේවාට අවශ්‍යයි.