(ප්‍රසංග සිල්වා)
මීගමුව කොළඹ මාර්ගයේ වැලිසර ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදු වූ රිය අනතුකින් එක් අයකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
15 හැවිරිදි දරුවකු පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දෙසින් ආ යතුරු පැදි දෙකක් මෝටර් රථයක හා ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබේ.
මීගමුව දෙසට ධාවනය වූ සුඛෝපභෝගී මෝටර් රථය මහාබාගේ ප්‍රදේශයේදී පැරෙන් ප්‍රතිවිරුද්ධ දෙසට ධාවනය වී යතුරු පැදියක ගැටී ඇති අතර යතුරු පැදියේ ගමන් ගත් එක් අයකු මියගොස් අනෙක් පුද්ගලයා තුවාල ලබා ඇත.
අනතුරුව එම මෝටර් රථය තවත් මෝටර් රථයක, ත්‍රිරොද රථයක හා තවත් යතුරු පැදියක ගැටී ඇතැයි පොලිසිය කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝටර් රථය ලබාදුන් පුද්ගලයාට මරණ දණ්ඩනය නියම කළ යුතු යි. සල්ලි බලේට වැඩ පෙන්නුවනම් දැන් විඳවන්න. වැඩේ කියන්නෙ ඒකත් සල්ලිවලින්ම යට ගහලා දායි.
දෙමව්පියෝ ගවයෝද මන්දා ?
පොහොට්ටුවට සම්බන්ද එකෙක් නම් ගෙදර
ඒ දරුවාට රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ අයිතිය ජීවිත කාලයටම තහනම් කරන්න
AN Ishan, මේ වැඩේ සාමාන්‍ය පන්තියේ පවුලේ ළමයකුට කරන්න බැහැ. අනිවාර්යෙන්ම ප්‍රභූ පන්තියේ විය හැකි. ඒ නිසා මරණ දඬුවම් වැඩක් නැහැ. පසුව ජනාධිපති සමාවෙන් එලියට එවින් සංස්ථා සභාපති කෙනක් වේවි.
සල්ලි කාරයන්ගේ දරුවො විතරක් නොවේ ගම්වල සමහර 4, 5 ශ්‍රේණිවල දරුවොන් පවා යතුරු පැදි ත්‍රිරෝද සමහර විට කුඩා ලොරි පවා පදවනවා. මේ්ක ලංකාවේ බහුතරයක් කරන වරදක්. සල්ලි කාරයන්ට විතරක් බැනලා හරියන්නේ නෑ.
රටේ නීතිය පිළි නොපැදීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයන් ගත යුතුය.
පොඩි කොල්ලෙක්නේ..., සමාව දෙමු...
වැඩිහිටියන් සත්තු, සර්පයින් ලෙස හැසිරෙන රටක දරුවන් ඒ ලෙස නොවුනොත් තමයි අපි පුදුම වෙන්න ඕනා. මිනීමරුවන් පාර්ලිමේන්තුවේ අසුන් හොබවන රටක, මිනීමරුවන් හිරෙන් නිදහස් කොට තනතුරු ලබාදෙන රටක පොඩි දරුවන්ගේ මනසත් විපරිත වී තියන එක අහන්නත් දෙයක්ද? දෙමව්පියන්ට දැඩි දඬුවම් ලබාදී, මේ අපරාධය සිදුකළ ළමයාව දිගු කාලයක් පුනරුත්ථාපනය කළ යුතුයි. එසේ නොමැති වූවොත් මෙය අනාගත සමාජ පිළිලයක ආරම්භයක් විය හැකියි...
සමහරවිට මේ යතුරුපැදියක මැරෙන්නේ තවත් අහිංසක දරුවෙක්ගේ තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්... දරුවා තමන්ට හොරෙන් වාහනය අරන් ආවා කියලා වාහනය අයිති කෙනා ලේසියෙන් බේරෙයි. හැබැයි මෙයා කාලයක් තිස්සේ ළමයාට වාහනය නොදුන්නා නම් එයා කොහොමද එක පාරට පාරේ යන්නේ... රිය අනතුරු කව්රුවත් හිතලා නොකළත් බීමත්ව රියපදවා මාරාන්තික අනතුරු සිදුකරන රියදුරන්ට සහ මේවගේ නොසැලකිලිමත් මිනිස්සුන්ට අනිවාර්යයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්වත් දිය යුතුයි...
ළමයාගේ දෙමාපියන් සිරගත කළ යුතුයි. අර ලඟදී ගෙනාපු ළමයින්ව සිරගත නොකිරීම සඳහා වූ පනත වැරදි බව පේනවා නේද?. මේ ආණ්ඩුව අත තියන්නේ කුජීත කුණු ගොඩවලටමයි...
මෙයාට වයස අවුරුදු 15ක් නොවේ ... එ්ක බොරුවක්... වයස 12යි..
හෙට වෙනකොට එළියට දමාවි... දැන් ඕ.අයි.සී. ට කෝල් එනවා අැති...
රථවාහන අනතුරු නිසා දිනෙන් දින මිය යන සංඛ්‍යාව ඉතාමත් ඉහළයි.. රථවාහන සම්බන්ධව දඩ සහ දඬුවම් වැඩිකිරීමට සුදුසුම කාලයයි. ඒ වගේම වන්දි මුදල වැඩි කිරීමටත් සුදුසුයි. මේ වගේ දේකදි ලියාපදිංචි අයිතිකරුට සුළු දඬුවමක් ලැබෙන්නේ.. රථය රාජසන්තක කරන්න නීති සම්පාදනය විය යුතුයි.