යුනිසෙෆ් සංවිධානයේ අනුග්‍රහය යටතේ සබරගමු පළාතේ ක්‍රියාත්මක පෙර පාසල් සදහා දිවා ආහාර ලබා දීමේ වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ වැඩසටහනක් සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ උතුරු ගෝනගල පිපෙන කැකුළු පෙර පාසලේ දී පැවැත්වුණි.
දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට යුනිසෙෆ් ආයතනය, සබරගමු පළාත් සභාව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
මෙම වැඩසටහන මගින් සබරගමු පළාතේ පෙර පාසල් 146ක ළමුන් 3100 කට පමණ දිවා ආහාරය ලබා දේ.
මෙම අවස්ථාවට යුනිසෙෆ්හි දකුණු ආසියානු කලාපීය තානාපති හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සචින් ටෙන්ඩුල්කාර්, පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි චන්ද්‍රකුමාර, පළාත් ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂ සුමුදු කෝරාලෙගෙදර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සිසුන්ගේ ආහාර ගැන බලන්න ටෙන්ඩුල්කාර් සබරගමුවට
Roshan Tuesday, 08 August 2023 11:19 AM
ටෙන්ඩුල්කාර් එක්ක අතට අත දෙන්නේ ඉන්දියානු ජාතිකයෙක්ද?
NiraTuesday, 08 August 2023 12:09 PM
නෑ ලංකාවේ හොරෙක් .ලකුණු දාගන්න එකෙක්
siri Tuesday, 08 August 2023 01:19 PM
ඊට කලින් එයාගේ ගම වන බොම්බායේ කෝටි ගණනක පැල්පත් වාසීන් ළඟටයි යන්න තිබුනේ...