(කාංචන කුමාර ආරියදාස)
මාසික වාර ප්‍රවේශ පත්‍රය ඇතැතිව ලංගම බසයට ගොඩ වූ පාසල් සිසුවකුට එම බස් රථයේ කොන්දොස්තරවරයා කන ප්‍රදේශයට පහරදීම නිසා තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
මෙසේ පහරකෑමට ලක්ව රෝහල් ගත කොට ඇත්තේ හබරණ ප්‍රදේශයේ පදිංචි කැකිරාව කොටාගල පිරිවෙනේ අධ්‍යාපනය ලබන 16 හැවිරිදි පාසල් සිසුවකු බව පොලීසිය කියයි.
මෙම පහරදීම් සිදු කොට ඇත්තේ යාපනය ඩිපෝවට අයත් මහනුවර සිට යාපනය බලා ධාවනය වූ ලංගම බස් රථයක කොන්දොස්තර වරයෙකෙ
හබරණ සිට දඹුල්ලට පැමිණ දඹුල්ලෙන් අනුරාධපුර මාර්ගයේ ගමන් කරන බස් රථයට ගොඩ වී ඇත්තේ කැකිරාව කොටාගල පිරිවෙනට ගමන් කිරීමට බව පොලීසිය කියයි.
ඒ සඳහා දඹුල්ල බස් ඩිපෝවෙන් මුදල් ගෙවා මාසික වාර ප්‍රවේශ පත්‍රයක් සිසුවා විසින් ලබා ගෙන ඇතැයි පොලිසිය කියයි .
බස් රථයට ගොඩ නොවන ලෙස කොන්දොස්තරවරයා කෑ ගැසීමත් සමඟ පාසල් සිසුවා මේ දිනවල විභාගය පවතින නිසා ප්‍රමාදයකින් තොරව පාසලට යෑමට අවශ්‍ය බව ඉල්ලා බස් රථයට ගොඩ වීමට සූදානම් වනවාත් සමඟ කොන්දොස්තරවරයා මෙම පාසල් සිසුවා බස් රථයෙන් එළියට ඇද දමා කනට පහරදී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ඒවා වෙන්නෙ බදවා ගැනීමේ වැරදි නිසා කියලා කියන්න පුළුවන් මොකද දේශපාලුවො උන්ගෙ හිතවතුන්ට කොන්දොස්තර තනතුර දෙන්න කියලා ලිපියක් අදාල පුද්ගලයා අතේම යවනවා එතනින් අහවල් දවසේ සිට සේවයට එන්න කියලා පත්වීම් දෙනවා නියමිත දිනයේ ආවම දුෂ්කර මාර්ගයක ගාස්තු සටහන් සමග පොත දෙනවා කිසිම චරියා ධර්මයක් හැදියාවක් ගැන දැනුවත් කරන්නෙ නැහැ සීසන් ටිකට් ගැන කියන්නෙ නැහැ ඉතින් කොහොමද වැරදි නොවෙන්නෙ කියලා තේරුම් ගන්න බැහැ
ඇයි දන්නේ නැහැ සීසන් එක පෙන්නන්න ගියෙ. අහවල් එක පෙන්නුව නම් ඉවරයි නේ
මං පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන කාලේ පරණපට්ටිය බස් එකේ කොන්දොස්තරට සීසන් එක පෙන්නුවම බස් එකෙන් එලියට ඇදලා දැම්මා.
කොන්දොස්ත්රලට ගිය කල .වැඩ නැත්නම් කරන්න ඕන
පොඩි උන්ට මැර බලය පෙන්නන නපුංසකයෙක්
විභහගය ලියලා ෆේල් වෙච්ච එකෙක්ද කොහෙද කොන්දොස්තරයා