(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කොට්ටාව නගර මධ්‍යයේ පිහිටි ටයර් අලෙවි සලක නාම පුවරුවක් සවි කිරීමට ගිය සේවකයන් තිදෙනකු   වැටී විදුලි සැර වැදී පිළිස්සුම් තුවා ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කොට්ටාව පොලිසිය පවසයි.

මෙසේ පිළිස්සුම් තුවාල ලබා ඇත්තේ තුම්මෝදර උඩුවර සහ බුලත්කොහුපිටියේ පදිංචි 28 සහ 32 වයසේ පසු වන තිදෙනකු බව පොලිසිය කියයි.

මෙම සේවකයන් තිදෙනා එම වෙළඳසලෙහි නාම පුවරුවක් සවි කිරීම සදහා අද දහවල් ගොඩනැගිල්ලෙහි තහඩු වහලය මතට නැග පුවරුව සවි කිරීමට යාමේදී අධික සුළග සහ සමබරතාවය බිදී යාමෙන් යාබද අධි බලැති විදුලි රැහැන මතට එම නාම පුවරුව වැටී අනතුර සිදුව තිබේ.

එහිදී අධික ශබ්දයත් සමගම  විදුලි සරවැදුණු තිදෙනා තහඩු වහලය මතට වැටී පිලිස්සුම් තුවාල සහිතව සිටියදී එම වෙළඳසැලේ සෙසු සේවකයන් පිළිස්සුම් තුවාල සහිතව වහලය මත සිටි තිදෙනා  ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.