
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණින්, ඇමෙරිකන් හමුදා වෙනිසියුලාවට ගොස්, එරට ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ සීලියා පැහැරගෙන ඇමෙරිකාවට ගෙන ඒම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, එය ජාත්‍යන්තර නීතිය හෑල්ලුවට ලක් කිරීමක් බවත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයෝ පවසති.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය යනු නිත්‍ය සාමාජිකයන් 5 දෙනකු ඇතුළු සාමාජික රටවල් 15 ක එකමුතුවෙන් නිර්මාණය වූවකි. නිත්‍ය සාමාජිකයන් අතරේ ඇමෙරිකාව ද සිටී.
ට්‍රම්ප්ගේ අණින්, ඇමෙරිකන් හමුදා වෙනිසියුලාවට ගොස්, එරට ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ සීලියා පැහැරගෙන ඇමෙරිකාවට ගෙන ඒම සම්බන්ධයෙන් ඇමෙරිකාවට විරෝධය දක්වා ඇත්තේ සෙසු නිත්‍ය සාමාජික රටවල් වන රුසියාව සහ චීනයයි.
‘හිතුමතේ වෙනත් රටකට පහර දී එම රටේ රාජ්‍ය නායකයා අත්අඩංගුවට ගැනීම කිසිසේත් කළ නොහැකියි. එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්. සෑම රටකම ස්වෛරීත්වයට පමණක් නොව සෑම රටකම දේශපාලන නිදහසට ගරු කළ යුතුයි’ යැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල ප්‍රකාශිකා රවීනා ෂැම්දාසානී පැහැදිලි කර ඇත.
චීන රජය වෙනුවෙන් එරට විදේශ අමාත්‍යාංශය පෙන්වා දී ඇත්තේ, ඇමෙරිකාව වෙනිසියුලාවට එරෙහිව ගත් හමුදාමය ක්‍රියාමාර්ගයට විරෝධය දක්වමින්, ජාත්‍යන්තර නීති ශක්තිමත් කිරීම සඳහා සෙසු රටවල් සමග එක් වී කටයුතු කරන බවය. ඇමෙරිකා අත්අඩංගුවේ පසුවන මදුරෝ සහ බිරිඳ කඩිනමින් නිදහස් කරන්නැයි ද චීනය ඇමෙරිකාවට පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් කිසිම වැඩකට නැති බලවත් රටවල ඕනෑ එපාකම්වලට අනුගතව වැඩ කරන, බොරුවට සද්ද දාන සංවිධානයක්.