
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ එච්.එම් ධර්මපාල)
දෙහිවල කළුබෝවිල ශ්‍රී සරණංකර පාර, බෝධිය වත්තේ දී 16 හැවිරිදි තරුණියකට වෙඩි තැබීම සඳහා යතුරු පැදිය දුන් තවත් අපරාධ කල්ලි සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
එම සැකකරු ගල්කිස්ස බඩෝ විට තුන්වන අදියරේදි රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 15 ක්, ජංගම දුරකථනයක් ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් මස 30 වැනි දින සෙනුරි අකීෂා රංජිත් පරණවිතාන යන 16 හැවිරිදි දැරියකට වෙඩි තබා ය ඝාතනයට තැත් කිරීමේ සිද්ධියට අදාළව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් පරීක්ෂණ පවත්වා එම අපරාධය මෙහය වූ බව කියන සංවිධානාත්මක අපරාධකරුවන් හා මහා පරිමාණ මත්ද්‍රව ජාවාරම්කරුවන් වන බෝධියවත්තේ අවිශ්ක හා චූව සමන්ත යන අයවලුන්ගේ සමීපතමයෙන් සිව් දෙනකු රිවොල්වර වර්ගයේ ගිනි අවි 03 ක් හොරයින් හා අයිස් මත්ද්‍රව සමග අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමේදී මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී යැයි පොලිසිය කියයි.
COMMENTS