(රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තයේ සිට)

ස්විස්ටර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්, වියට්නාම සහ තායිලන්ත ජතිකයන්ගේ ධන පරිත්‍යාගයෙන් ශ්වසන උපකරණ පද්ධතියක් මාතර මහා රෝහලට බාර දුන්නේය.

ස්විස්ටර්ලන්තයේ  ජාත්‍යාන්තර  බෞද්ධ විහාරාධිපති  තවලම ධම්මික නාහිමියන්ගේ අනුශාසකතවයෙන් විහාරාධිකාරි  ගල්පිටිගල සුජාත සහ ස්විස් ජාතික ලක්ෂණ හිමිවරුන්ගේ  මෙහෙයවීමෙන් මෙම පුන්‍යකටයුත්ත සංවිධාන කර ඇත.

කෝවිඩි වසංගතය හේතුවෙන් පීඩාවිදින ලාංකිකයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා ශ්වසන උපකරණ පද්ධතිය මාතර මහ රෝහලේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය යූ.රත්නායක මහතාට බාරදුන්නේය. 

මෙම ධනපරිත්‍යාගශීලින් වෙනුවෙන්  හබරකඩ ශ්‍රී විජයානන්ද පිරිවෙණේ එප්පල සෝරත බද්දේගම කුසල යන හිමිවරු එක්ව සිටියහ.