(සුජිත් හේවාජුලිගේ)

සිවිල් ආරක්ෂක බලකායේ  නිලධාරීන් දස දහසක් පොලිස් සේවයට අනුයුක්ත කිරීමට සැලැසුම් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කිරීමේ අරමුණින් දිවයින පුරා පොලිස් ස්ථානවලට  ඒ පිරිස් අනුයුක්ත කිරීමට අපේක්ෂා කෙරේ.

දීප ව්‍යාප්ත මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් වැඩි  කර ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ  සුනිල් වටගල මහතා පැවසීය