(අංජුල මහික වීරරත්න)

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට රජයේ කිසිඳු සූදානමක් නොමැති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

2015 කැබිනට් පත්‍රිකාවට අනුව සිවිල් ආරක්ෂක සේවය ක්ෂය වන සේවයක් ලෙස අනුමත කළත් එම කාලසීමාව ඉකුත්ව ඇති බව ද සාගල රත්නායක  මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව  සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ  සාමාජිකයන්ට වසර 60 ක සේවා කාලයක නිරත වීම සඳහා  වසර 55න් ඉදිරියට සේවා දිගුව ඉල්ලා සිටිය හැකි බව පෙන්වා දුන් සාගල රත්නායක මහතා එම කටයුතු  කිසිවක් වෙනස් වී නොමැති අතර ඉදිරියට ද වෙනස් කිරීමට සූදානමක් නොමැති බව අවධාරණය කළේය.