
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
සංවර්ධනයට වඩා ජනතාව ජීවත් කරවීම අවශ්‍ය වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා අද වාරියපොල දී පැවසීය.
ප්‍රවෘත්ති බලන්න ඉදගත්තොත් අපේ ඔළුව නරක් වෙනවා. රටේ මහජනතාව වෙනුවෙන් මතයක් සමාජගත කරන්න ඕන වෙලාවක විවිධ කාරණා කටයුතු මූලික කරගෙන මාධ්‍යයෙන් අපි දකින්නේ මිනිස්සුන්ගේ මනස විකෘති කරන දේවල්.
1977 වෙනකොට අපි කිසිම රටකට ණය නැහැ ලාබ ලබන ආයතන ගොඩක් තිබුණා. කැළණි ටයර් ඉන්දියාවට යැව්වා. මේකට මේ රටේ තිබුණු සියළු ආණ්ඩු වගකියන්න ඕන.
වත්මන් ජනාධිපතිට ඕන වෙලා තියෙනවා මේක කළමනාකරණය කරන්න. අද ඩොලර් නැති නිසා අපට ඉන්ධන නැහැ. ඉන්ධන නැති නිසා අපට විදුලිය නැහැ. ඊළගට බේත් හේත් ප්‍රශ්න තියෙනවා. කර්මාන්තශාලාවලට අමුද්‍රව්‍ය ගේන්න ඕන. බරපතළ ප්‍රශ්නයක අපි අද ඉන්නවා. මේ නිසා මම හිතනවා, අපට සංවර්ධනය තාවකාලිකව නවත්තන්න වෙයි. හැබැයි මහජනතාව මේක තේරුම් ගන්න ඕන.
අපිට ජනතාවට කියන්න වෙයි මේ රටේ ජනතාවට විනිමය ප්‍රශ්නය තියෙනවා. අපට ඉන්ධන, විදුලිය සහ බෙහෙත් හේත් අවශ්‍යයි, මේ නිසා සංවර්ධනය කියන එක සමහර විට ටිකක් අඩු කරන්න වෙයි. ජනාධිපතිතුමා කිව්ව මාර්ග කිලෝමීටර් ලක්ෂයක් හදන්න ඕන කියලා. බොහෝ යෝජනා ඉදිරිපත් කළා. ඒත් අනපේක්ෂිත මොහොතක අපිට ජීවිත රකින්න එන්නත් ගේන්න සිද්ධවුනා. ඒ නිසා තමයි මුළු ලෝකයේම ආර්ථිකය කඩාගෙන වැටුනේ. ඒක සාපේක්ෂයි අපේ රටටත් එවන් පසුබිමක් තුල සංවර්ධනයට වඩා දැන් ජනතාව ජීවත් කරවන්න අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා.
වාරියපොල යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ නව පානීය ජල ව්‍යාපෘතියක් විවෘත කරමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මහාමාර්ග, නිවාස වැනි විශාල ව්‍යාපෘති තාවකාලිකව නතර කර රටේ නිෂ්පාදන නගා සිටුවීමට වැඩ කරයි කියලා හිතනවා. වැටුණු වලෙන් ගොඩඇවිත් අනෙකුත් ව්‍යාපෘතිවලට අවධානය යොමු කළ හැකියි. 1977 රෙද්ද ගැලෙව්වා සේ ගෙනාපු විවෘත ආර්ථිකයේ විපාක තමයි මේ ගොඩගැහිලා තියෙන්නේ...
අපට පෙනෙන විදිහට 2000න් පසුව කාලයේ සංවර්ධනය වී ඇත්තේ පාලක පක්ෂය ... විශේෂයෙන්ම පාලක පවුල විතරයි. ඒ තත්ත්වය මත මේ ඇමතිවරු මහජනතාව නොමඟ යවා ඔවුන්ගේ නායකයින් ශුද්ධ කිරීමට කථා කිරීම තව හොරකමට දිරිදීමක්...
කට වහගෙන ඉන්න. ඔබලා තමයි රටම විනාශ කළේ...
රාජපක්ෂලාට දැනගන්න තියන්න එපා... උස්සලා පොළවේ ගහයි.
සංවර්ධනය කියන්නේ කොමිස්... නැතිවුණොත් කොමිස් නැහැ... තෝරාගැනීම කාටකාටත් බාරකරමු නේද?
මෙච්චර වෙලත් මේ අය කියන්නෙම බොරු.. මුළු ලෝකෙටම කොරෝනා තිබ්බා.. ලංකාව ඒක වවාගෙන කෑවා.
හදිසියේ නින්දෙන් ඇහැරුණේ දේශපාලකයින් ගැන ඇති ජනතා පිළිකුල නිසාද? ජනතාවට ඕනෙ වෙල් යායවල් ළඟ ඇවිදින මං තීරු සහ ජිම් කට්ටල නේද? විවෘත ආර්ථිකයට පමණක් දොස් කියලා හිත හදාගන්න සමහරු හිතුවත්, මේ තත්වය සිදුවුණේ රට හදනවා වෙනුවට තමන් හැදෙන්න ආපු හොඳම සෙට් එක නිසා කියලයි බොහෝ අයට පේන්නේ...