(අංජුල මහික වීරරත්න)
සංවර්ධනයේ පූර්ණ ප්‍රතිලාභ සාධාරණව භුක්ති විඳින සමෘද්ධිමත් සමාජයක් ගොඩනැඟීම වත්මන් රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදීය.
පුරවැසියන්ගේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික සුරක්ෂාව වෙනුවෙන් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමඟ එක්ව කටයුතු කිරිමට මෙහිදී සාකච්ඡා විය.
ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම අවශ්‍ය පිරිස් වෙත ණය මුදල් ලබා දීම පිළිබඳවද මෙහිදී අවධානයට යොමු වූ අතර ඒ සඳහා සමෘද්ධි අරමුදලෙන් රුපියල් බිලියන 55ක් වෙන් කිරිමටද යෝජනා කෙරිණි.
ජාතික ප්‍රමුඛතා හා අවශ්‍යතා හඳුනා ගනිමින්, ජාත්‍යන්තර ප්‍රමිතිද සැලකිල්ලට ගනිමින් කාන්තාවන්, ළමුන්, අවදානමට ලක් විය හැකි හා වරප්‍රසාද නොලබන පුද්ගලයන්ගේ සමාජ ආරක්ෂණය හා ආර්ථික සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය නෛතික හා ආයතනික පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සංවර්ධනයේ සම්පූර්ණ ප්‍රතිලාභ ගොවීන්ට දෙනවා
de silva Wednesday, 12 March 2025 01:52 PM
දැන් ඔක්කෝම ප්‍රතිලාභ ගන්නේ ඩඩ්ලි...