
(යොහාන් භාසුර)
සෙවනගල සීනි සමාගම වසාදැමීමට ආණ්ඩුව කිසිඳු තීරණයක් ගෙන නොමැති මෙන්ම දේශීය සීනි කර්මාන්තය බිඳවැටීමට කිසිඳු ඉඩක් නොතබන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද (1) පැවසීය.
සෙවනගල සීනි සමාගම පිළිබඳව පසුගිය දිනවල පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (1) පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා එසේ පැවසීය.
ආණ්ඩුවේ වැඩපිළිවෙළ දේශපාලන වශයෙන් කඩාකප්පල් කිරීමට කිසිවකු හෝ උත්සහ කරන්නේ නම් එයට එරෙහිව තීන්දු ගැනීමට නොපැකිළිව කටයුතු කරන බවත් ලංකා සීනි සමාගම හුදෙක්ම සීනි නිෂ්පාදනය පමණක් නොව ගොවී ජනතාව ලක්ෂ දෙකක් සහ පවුල් 5000 ක පමණ රැකියා ආරක්ෂා කරන බවත් ඒ මහතා කීය.
දේශපාලන උවමනාවක් මත සකස් කළ මිලක් ලෙස ගොවීන්ට මෙටි්රක්ටොන් එකකට රුපියල් 10,000 ක් ගෙවන අතර එය ගෙවීමට නම් අතුරු නිෂ්පාදනයක් ලෙස ලැබෙන ‘එතනෝල්’ අළෙවි කිරීමට සිදුව ඇති බව කී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අරක්කු නිෂ්පාදනය කරන සාමාගම්වලට රුපියල් 800 ක මිලට හෙට සිට ‘එතනෝල්’ අළෙවි කරන බව ද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා බොස්. අපේ ආණ්ඩුව තමයි. මේක හරියට අර මාලනී මහත්මියගේ මළ ගෙදර කවුද කියවපු ලිපිය වගේ... තේරුම් ගන්න අමාරුයි...
තේරුම් යන්න පොඩ්ඩක් මොලේ ඕනවෙනවා..
මේ ඇමතිලා ගොන් ගස්, ෆැක්ටරිය වැහුවොත් රෙද්ද නාය යනවා මොකොද කලින් පොරොන්දු වුනා රටටම නෙවේ ආසියාවටම සීනි දෙන්න. දැන් ගොවියන්ට වැඩිපුර මිලක් දෙන නිසා පාඩු වෙනවා කියල එතනෝල් ගණන් වැඩි කරලා, දැන් අරක්කු කොම්පැනි එතනෝල් ගන්න බැහැ කියල ඉම්පෝට් කරන්න ගත්තොත් ආණ්ඩුවට වෙනවා එකට බද්දක් ගහන්න. අන්තිමේ ජාම බේරගන්න ගිහින් සීනිත් මිල වැඩි වෙලා, අරක්කුත් මිල වැඩි වෙලා. අන්තිමට පාඩුව පාරිභෝගිකයන්ට. ඕකට තියෙන විසඳුම ගොවියන්ට වෙන මොකක් හරි වගාවක් කරන්න කියල ෆැක්ටරිය වහල දාන එක තමයි. ලෝකේ වෙන රටක් බදුත් ගෙවල මෙහෙ හදනවට වැඩිය අඩුවෙන් විකුනනවා නම් අපට ඒවා ගන්න එක ලාභයි මෙහෙ හදනවට වඩා.
තේරුම් ගන්න අමාරු වෙනවා ලියුම් ලියන අයට හරියට ලියන්න බැරි වුනාමත්. ඒකට එක හේතුවක් තමයි ලියන්නේ මොනවද කියලා තමන්වත් දන්නේ නැතිකම. ඉතින් කියවන එකා කොහොමද තේරුම් ගන්නේ. කියවන එකා පලි නැහැ ලියන එකාගේ මොලය ගැන.
මම අවුරුදු 5ක් බ්‍රසීලයේ හිටියා එහේ තමයි ලෝකයේ උන් සීනි හදන ලොකුම රට, අතුරුඵල වලින් හදන එතනොල් වලින් වාහනත් දුවනවා. මෙතන කමෙන්ට් කරන බහුතරයක් අයට මැජික් ඇති. හැරී ජයවර්ධන කරේ උන් සීනි වලින් 100% එතනොල් හදපු එක. එතනොල් බොනවාට වඩා ආර්ථික වාසිය වැඩියි. එතනොල් වලින් විෂබීජ නාශකකාරක හදනවා. කොරොනා කාලේ බ්‍රසීලය ගොඩ ගියේ එහෙමයි. ලංකාවේ මුග්ධ පාලකයන් නොහිටියා නම් ආර්ථිකය කඩා වැටෙන්නේ නෑ 2020-2022 වර්ධනය වෙනවා.
මම මේ කර්මාන්ත ශාලාව ගැන සොයා බැලුවා , මේකේ ප්‍රධාන ප්රශ්නය දුර්වල කලමනා කාරිත්වය , ඉන්න සේවකයන් නිසි ක්‍රමවේදයකට අනුව සේවයේ යොදවා ඔවුන්ගේ දායකත්වය 100% ආයතනයට ලබාගන්න කළමනාකාරිත්වය අපොහොසත් වී ඇත , මාර්කටින්එකත් අවුල් , නාස්තිය අවම කරගත හොත් සෙවනගල වසා දමන්න අවශ්‍ය වන්නේ නැහැ , KPMG , වැනි දක්ෂ ජාත්‍යන්තර වියාපාර උපදේශන සමාගමක් සම්බන්ද කරගෙන ඔවුන්ගේ උපදෙස් මත ක්රියාකලොත් මේක ගොඩ ගන්න පුළුවන් , තම නිෂ්පාදන අලෙවි කරගන්න බැරිව උක් ගොවි මහත්වරු විශාල ප්රශේන්කට මුහුණ දී ඇත , ඔවුන් ඉදිරියේදී උක් වගාවෙන් ඉවත් වුනොත් කම්හල වැසි යනු ඇත , ඇමති තුමා මධ්‍ය සංදර්ශන පවත්වන්න කාලයක් නැත , (1)වහාම උක් ගොවියාගේ නිෂ්පාදන මිලදී ගන්න , (2)තිබෙන සිනි තොගය පාඩු පිට හරි සතොසට දෙන්න , (3) වුර්තිය සමිති සමග සාකච්චා කරන්න , ආයතනය ලාභ ලබන තෙක් 30% පමණ වැටුප් කප්පාදුවකට ඔවුව එකඟ කරගන්න බලන්න