(සුජිත් හේවාජුලිගේ )
මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා අයදුම්පත් 1600ක් පමණ ලැබී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර කොමිෂන් සභා සඳහා සාමාජිකයන් තේරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
අයදුම්පත් යොමුකළ පිරිසෙන් මුලික සුදුස්සන්ගේ ලේඛනයක් සකස් කිරීමෙන් අනතුරුව සාමාජිකයින් තෝරාපත් කර ගැනීම කෙරෙනු ඇතැයිද ඇතැම් අයදුම්කරුවන් කොමිෂන් සභා දෙක තුනකට අයදුම්පත් යොමු කර ඇති හෙයින් සුදුස්සන් තෝරා ගැනීම තරමක් සංකීර්ණවී ඇතැයිද පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මේ අනුව සුදුස්සන් තෝරාගැනීමේ කටයුතු සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් ලෙස පත් කෙරුණු සිවිල් සමාජයේ විද්වතුන් තිදෙනාගේ සහාය ලබා ගැනීමටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව තීරණය කර ඇත.
මේ අතර ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් පත් කිරීම ඉදිරි සතියේදී කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් පත් කරනු ලැබීමට අදාළ මූලික වටයේ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතය. කෙසේ වෙතත් සාමාජිකයන් පත් කිරීම පිළිබඳ අවසන් තීරණය ගනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා නවයක් පත් කරනු ලැබීමට නියමිතය. මුදල් කොමිෂන් සභාව, ප්‍රසම්පාදන කොමිෂන් සභාව, විගණන කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව, අධිකරණ කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, පොලිස් කොමිෂන් සභාව සහ විගණන කොමිෂන් සභාව එසේ පත් කෙරෙන සෙසු කොමිෂන් සභා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd