IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ස්වාධීන කොමිෂන් සභා ඉදිරි සති දෙකේදී පුරවනවා

(සුජිත් හේවාජුලිගේ)

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන්  සභා  සියල්ල ඉදිරි සති දෙක තුළ පත්කර  අවසන් කිරීමට බලාපොරොත්තු වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.

කොමිෂන්  සභා  පත් කිරීම දීර්ඝ කාලයක්  ප්‍රමාද වූයේ  ඒ සම්බන්ධයෙන් අයදුම්පත් 2000ට ආසන්න සංඛ්‍යාවක් ලැබීම නිසා බව පැවසූ කතානායකවරයා ඇතැම් පුද්ගලයන් කොමිෂන්  සභා නවයටම  අයදුම්පත් යොමු තිබූ බවද  සඳහන් කළේය.

මේ හේතුවෙන් සුදුස්සන් තෝරා ගැනීම දුෂ්කර වූ බවද ඔහු පැවසුවේය.

ස්වාධීන කොමිෂන් කොමිෂන්  සභා සියල්ල පත් කරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව විසිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවා මේ වනවිට මාස තුනකට ආසන්න කාලයක් ගතවී ඇත්තේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායක සභාව මුල් වරට රැස්වූයේ පසුගිය ජනවාරි මස 25 වැනිදාය.

අලුතින් පිහිටුවීමට නියමිත ස්වාධීන කොමිෂන් සභා වන්නේ මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවයි.



අදහස් (1)

ස්වාධීන කොමිෂන් සභා ඉදිරි සති දෙකේදී පුරවනවා

ආරියරත්න නෙරලම්පිටිය Monday, 27 March 2023 02:23 PM

මොකද කතානායක තුමා ක්ෂනිකව කරන්න අවශ්‍ය අඩුව පිරවීමට දිගුකාලයක් ගන්නෙ කියලා තේරුම් ගන්න අමාරුයි 1948 සිට ලංකාව ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටක් කිව්වට ඔහොම ගියාම ඒක කරන්නෙ කොහොමෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site