IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ස්වාධීන කොමිෂන් තුනක නව පත්කිරීම් කල් යන ලකුණු

(අංජුල මහික වීරරත්න)

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා තුනක සාමාජිකයන් පත් කිරීම පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ගේ එකඟත්වයක් නොමැති වීම හේතුවෙන් කල් යමින් පවතින බව වාර්තාවේ.

සාමාජිකයන් පත් කර ගැනීම නොහැකිව ඇති අනෙක් කොමිෂන් සභා වන්නේ මානව හිමිකම් කොමිසම හා පොලිස් කොමිසමයි. 

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවක් පත්වීමෙන් පසුව සියලු ස්වාධීන කොමිෂන් සභා විසිර ගිය අතර ඒවාට නව සාමාජිකයන් පත් කිරීමට නියමිත විය.

නව සාමාජිකයන් පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවට පැවැරුණු අතර එය ජනපති, අගමැති නියෝජිතයන් මෙන්ම විපක්ෂයේ නියෝජිතයන් හා සිවිල් සමාජ නියෝජිතයන්ගෙන් සමන්විත විය. 

එහි සාමාජිකයන් කිහිප දෙනකුගේ කඹ ඇඳීමක් නිසා මෙලෙස ස්වාධීන  ආයතන සඳහා සාමාජිකයන් පත් කිරීම කල් යමින් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවනු ලැබූයේ එම ආයතන පාරදෘෂ්‍ය භාවයෙන් යුතුව කටයුතු කිරීම වෙනුවෙනි.



අදහස් (3)

ස්වාධීන කොමිෂන් තුනක නව පත්කිරීම් කල් යන ලකුණු

මොහොට්ටාල Saturday, 29 April 2023 07:45 AM

කොමිසම් සභා පත්කිරීම ප්‍රමාද වෙනවිට සිදුවන්නේ දේශපාලුවන්ගේ බලාපොරොත්තුව සාර්ථක වීම පමණයි. කොමිසම් සභා පත්කිරීමට විරුද්ධව සිටින සියලු දෙනාම සාර්ථක පාලකයෝ වෙන්න බැහැ. බුදුහාමුදුරුවෝ දේශනාකලේ අප්පමාදෝ අමතපදං.. පමාදෝ මච්චුනෝ පදං කියලා තමයි. ඉතින් දේශපාලුවන් පමාකරනවා කියන්නේ රටේ පරිහානියට හේතුවක් තමයි.

:       0       4

පුංචි බංඩා Saturday, 29 April 2023 08:48 AM

ප්‍රසම්පාදන කොමිසම පත්කිරීමට මොකද වුනේ... ?

:       0       0

චන්දන Saturday, 29 April 2023 12:32 PM

නියම උප්පරවැට්ටි. ලෝකයා රවට්ටන්න කොමිෂන් සභා දැම්මා. දැන් කියන්නේ එකඟතාවක් නැහැ කියලා. ඔය කිසිම කොමිසමක් වැඩක් නැහැ. දේශපාලකයාට ඕනෑ හැටියට ඔක්කොම... පොලිස් කොමිසම දැක්කා නේද? රූකඩ වගේ...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site