
(සමන් පාලිත නානායක්කාර)
ශ්‍රී ලංකාවේ පුංචිම නගර සභාව ලෙස සැලකෙන හපුතලේ නගර සභාවේ බලය ස්වාධීන කණ්ඩායමක් ජයග්‍රහණය කළේය.
ආණ්ඩු බලය හිමි ජාතික ජන බලවේගය දෙවන ස්ථානයට පත් වී තිබේ. තෙවැනි ස්ථානය සමගි ජන බලවේගය ආසන දෙකක් ලබාගත්තේය.
කිසිදු පක්ෂයකට සම්බන්ධයක් නොමැතිව හපුතලේ නගර සභාව ස්වාධීන කණ්ඩායමක් වශයෙන් ජයග්‍රහණය කිරීමට ලැබීම විශේෂත්වයක් බව හපුතලේ නගර සභාව ජයග්‍රහණය කළ ස්වාධීන කණ්ඩායම් නායක උපුල් දිසානායක මහතා පැවසීය.
2011 වර්ෂයේ නගරාධිපතිවරයා වශයෙන් ද ඊට පසුව පැවති පළාත් පාර්ලිමැතිවරණයෙන් වසර දෙක හාමාරක් හපුතලේ නගරාධිපතවරයා වශයෙන්ද තමා කටයුතු කර ඇත. මීට පෙර නගර සභාව වෙනුවෙන් තමා කළ සේවය කෙරෙහි තැබූ විශ්වාසය මෙලෙස ජයග්‍රහණය කර ගැනීමට හේතු වූ බවත් සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනයා එක්ව කිසිදු භේදයකින් තොරව හපුතලේ ජයග්‍රහණය කිරීමට හැකි බවත් උපුල් දිසානායක මහතා පැවසීය.
දෙස් විදෙස් සංචාරකයින්ගේ සිත්ගත් ඉතා වැදගත් ගමනාන්තයක් වන හපුතලේ පුළුල් වැඩපිළිවෙළක් යටතේ සංචාරක කර්මාන්තය ප්‍රමුඛ සියලු අංශවල විධිමත් සංවර්ධනයක් ඇති කිරීම ට තමා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය හපුතලේ ජනතාව පිළිගත් බවත් ඒ සඳහා ස්තුතිය පුද කරන බවත් උපුල් දිසානායක මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ කුඩාම නගර සභාව වන හපුතලේ නගර සභාවේ මුළු ඡන්ද සංඛ්‍යාව 3051ක් වූ අතර කොට්ඨාස හතකින් සමන්විත විය. ඉන් කොට්ඨාස පහක ජයග්‍රහණය ස්වාධීන කණ්ඩායමට හිමි වූ අතර ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1038කි.
ජාතික ජන බලවේගය ඡන්ද 844ක් ලබාගෙන සභිකයෙන් හතර දෙනෙකුද සමගි ජනබලවේගය ඡන්ද 374 ක් ලබාගෙන සභිකයන් දෙදෙනෙකුද තේරී පත්විය.
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ස්වාධීන කණ්ඩායමක් ජයගත් පුංචිම නගර සභාව