IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ස්වීඩනයේ ශ්‍රී ලංකාවේ වෙළෙඳපොල ඉහළ නංවයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව සහ ස්වීඩනය අතර ද්විපාර්ශ්වික වෙළඳාම ශක්තිමත් කිරීම අරමුණු කරගත් උපාය මාර්ග සාකච්ඡා කිරීම සඳහා ස්වීඩනයේ ගොතන්බර්ග්හි ශ්‍රී ලංකා ගෞරවනීය කොන්සල් මාකස් පෙටර්සන් මහතා මෙරටට පැමිණ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ සාකච්ඡා කළේය.

ශ්‍රී ලංකාව වර්තමානය වන විට ස්වීඩනයට ඇඟලුම්, රබර් භාණ්ඩ, තේ සහ පොල් මද නිෂ්පාදන ඇතුළු නිෂ්පාදන රැසක් අපනයනය කරයි. ශ්‍රී ලංකාව පසුගිය වසරේ ස්වීඩනයට කළ සමස්ත වෙළඳ භාණ්ඩ අපනයන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 101කි.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ඉදිරි වසර 5 තුළ නිෂ්පාදන විවිධාංගීකරණය සහ වෙළඳපල පුළුල් කිරීම තුළින් අපනයන ඉහළ නැංවීමේ මෙරටේ උපායමාර්ගික සැලැස්ම අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ වෙළඳ හා අපනයන ප්‍රතිපත්තිය මාකස් පෙටර්සන් මහතා ඉදිරිපත් කළේය.

ඇඟලුම් සහ රෙදිපිළි, රබර්, තේ, පළතුරු, කුළුබඩු සහ සාන්ද්‍රිත ද්‍රව්‍ය, පොල් මද ආශ්‍රිත නිෂ්පාදන, සෞඛ්‍යයට නැඹුරු කාබනික සහ ස්වාභාවික නිෂ්පාදන පරිසර හිතකාමී අත්කම් ඇතුළු සැකසූ ආහාර සහ පාන වර්ග සහ අපනයන සේවා වැනි ප්‍රධාන අංශවල ස්වීඩන් වෙළඳපොළට තවදුරටත් විනිවිදයාමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව විජේසිංහ මහතා එහිදී අවධාරණය කළේය.

ස්වීඩනයේ හඳුනාගත් නිෂ්පාදන හා සේවා අංශවල ශ්‍රී ලංකාවේ වෙළඳපල කොටස වැඩි කිරීම සඳහා උපායමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා කොන්සල්වරයාගේ සහයෝගය එහිදී විජේසිංහ මහතා ඉල්ලා සිටියේය.

ස්වීඩනයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ, කුළුබඩු, සැකසූ ආහාර සහ කාබනික නිෂ්පාදනවල ශ්‍රී ලංකාවේ අපනයන විභවය පීටර්සන් මහතා පිළිගත් අතර ස්වීඩනයේ සහ පුළුල් නෝර්ඩික් කලාපයේ ශ්‍රී ලංකාවේ වෙළඳපල කොටස වැඩි දියුණු කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ කටයුතු කිරීමට පූර්ණ සහයොග්ය දෙන බවඒ මහතා සඳහන් කළේය.

ඉදිරි වසරවලදී වැඩිදියුණු කළ ආර්ථික සහයෝගීතාවයකට මග පාදන පරිදි, ශ්‍රී ලංකාව සහ ස්වීඩනය අතර වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම මෙම සාකච්ඡාවලදී තහවුරු විය.



අදහස් (0)

ස්වීඩනයේ ශ්‍රී ලංකාවේ වෙළෙඳපොල ඉහළ නංවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 845 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 209 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1259 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site