(යොහාන් භාසුර)
අරුගම්බේ ප්‍රදේශයේදී ස්වීඩන් ජාතික සංචාරකයෙක් මුහුණ දුන් වැනි සිදුවීම් මෙරට සංචාරක ව්‍යාපාරයට සහ රටේ කීර්තිනාමයට දැඩි කැළලක් බවත් එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත් ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ උප සභාපති ප්‍රියන්ත තිලකරත්න මහතා ‘ලංකාදීප’යට අද (20) පැවසීය.
එම හෝටලය ලියාපදිංචි එකක් නම් සියලුම ආයතන හරහා නීතිය ක්‍රියාත්මක කළ හැකි බව කී ප්‍රියන්ත මහතා සඳහන් කළේ එය ලියාපදිංචි නොවූ හෝටලයක් නම් වාහාම වසා දැමිය හැකි බවත්ය.
මෙරට පැමිණෙන සංචාරකයන්ට ලියාපදිංචි හෝටල් සහ වාහන පිළිබඳ දැනුවත් කිරීමක් ගුවන්තොටුපලේදීම කරන ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙන් අවස්ථා කීපයකදී ඉල්ලීමක් කර තිබුණ ද ඒ සඳහා කටයුතු කර නොමැති බව කී ප්‍රියන්ත තිලකරත්න මහතා එවැනි දැනුවත් කිරීමක් කර තිබුණේ නම් මෙවැනි සිද්ධීන් වළක්වාගත හැකිව බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දොත් දැන ගන්න ඕනා තමන්ගේ තත්වයට ගැලපෙන රටකට සංචාරයකට යන්න. අපිටත් මේ රටේ ජීවත් වෙලා ඉන්න බැරුව මදිවාට, එනවා මෙතන ජොලි කරන්න.
සංචාරකයන් ලංකාවට එන්නේ? ගුටිකන්න නෙමේ රට බලන්න. ඒ අයගෙන් අපට එක ඩොලරයක් හරි ලැබෙනවා!! ලෝකයේ එහා කෙළවරේ සිට මෙහා කෙලවරට ට එන එක ලෙහෙසි පහසු වැඩක් නෙමේ? සංචාරක ව්‍යප්තිය සම්බන්දව භාරව සිටින ඇමතිගේ අවධානය යොමු වි අදාල මැරයන්ට දැඩි දඩූවම් පමුණුවා ලියාපදිංචි නැත ආයතනයක් නම් එතනින් ඉවත්කළ යුතුයි. මගේ සිතුවිල්ලයි
දැනුවත් කිරීමක් කලොත් කොහොමද ලංකාපාලුවො හා සමහර විට සංචාරක අධිකාරියේ එවුන් හොරට කරන දේවල් වැහෙනවා නේ,ඉතින් මොන දේශපාලුවොද නිළධාරින්ද ඒකට කැමති
මේවා ජාත්‍යන්තර මාධ්‍යවල යැවිය යුතුයි. මොකද නීතියක් නැති නිසා මේ රටට එන විදේශික සංචාරකයින්ගේ වීලොග්, යූ ටියුබ් බලන්න. සේරම මේවගේ හැතිකරෛ්ට දඩුවම් දෙන්න. ලංකාවේ සංචාර ප්‍රෙමා්ට් කරන්නේ නිකම් පඩි , පගා ගන්න ඇමතියන්ගේ උන් නොවේ මේ සංචාරකයෝ තමයි.
සංචාරක අංශ ඉතින් හැමදාමත් නිදි. ජීවිතට ඇහැරෙන්නේ නැහැ.