
යුද්ධය නිමා කිරීම වෙනුවෙන් එක්සත් ජනපදය සහ ඉරානය අතර ස්විට්සර්ලන්තයේ දී පැවැත්වෙන පළමුවටයේ සාකච්ඡා ආරම් කර ඇතැයි කටාර් විදේශ අමාත්‍යංශය නිවේදනය කළ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.
කටාර් රාජ්‍ය සහ පාකිස්තානයේ මැදිහත්වීමෙන් ස්විට්සර්ලන්තයේ දී මෙම සාකච්ඡා පැවැත්වේ. ඉරානය වෙනුවෙන් එරට පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බාගර් ගලීබාෆ් සහ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චිගේ නායකත්වයෙන් යුත් ඉරාන දූත පිරිසක් මෙම සාකච්ඡා වටයට එක්ව සිටිති.
යුද්ධය අවසන් කිරීම සඳහා වන අන්තර්කාලීන ගිවිසුම සියලු පාර්ශවයන් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සහතික කිරීම තම ප්‍රධාන ඉලක්කය බව ඉරාන දූත පිරිසක මෙහිදී අවධාරනය කර ඇතැයි ද එම මාධ්‍ය වාර්තා කර ඇත.
ඊශ්‍රායලය ලෙබනනයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවතත් වසා දමා ඇති බව ඉරානය මෙහිදී පවසා ඇත.
නමුත් එක්සත් ජනපද හමුදාව පවසන්නේ ජල මාර්ගය සියලුම යාත්‍රා සඳහා විවෘතව පවතින බවයි. ලෙබනනය රජය එක්සත් ජනපදය සමඟ කළ සෘජ සාකච්ඡා හිස්බුල්ලා සංවිධානය ප්‍රතික්ෂේප කර ඇති අතර, එම සාකච්ඡා ලෙබනනයේ ස්වෛරීභාවයට හානි කරන බවත් ඊශ්‍රායල අවශ්‍යතාවලට සේවය කරන බවත් හිස්බුල්ලා සංවිධායන පවසා තිබේ.
"සටන් විරාමය" නොතකා ඊශ්‍රායල හමුදා ලෙබනනයේ දුසිම් ගණනක් මිනිසුන් මරා දමා ඇති අතර, පසුගිය දින කිහිපය තුළ හිස්බුල්ලා ප්‍රහාරවලින් අවම වශයෙන් සොල්දාදුවන් හය දෙනෙකු මිය ගොස් තවත් 20 දෙනකු තුවාල ලබා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd