(එෆ්.අස්ලම්)
දෙමළ ජාතික සන්ධාන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා යාපනය වැල්වැටිතුරෙයි පොලිසිය විසින් අද (5) අත්අඩංගුවට ගෙන තිබේ.
පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණය විසින් නිකුත් කර ඇති වරෙන්තුවකට අනුව ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි.
2018.11.26 මහවිරු සැමරුමට සමගාමීව වැල්වැටිතුරෙයි තීරුවිල් ක්‍රීඩාංගණයේ දී කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය සමරා කේක් කැපීමට යාම සහ එය වැළක්වීමට ගිය පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම මත සිවාජිලිංගම් මහතාට එරෙහි විභාග වන නඩුවකට පෙනී නොසිටීම මත අධිකරණය විසින් මෙම වරෙන්තුව නිකුත් කර තිබේ.
අත්අඩංගුවට ගත් සිවාජිලිංගම් මහතා අද (5) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටෙලි ෆිල්ම් එකක් කරන්න යන්නේ.. ඡන්දේ දිනන්න..
ඡන්ද නාටක පටන්ගත්තා...
යස වැඩේ .... ! ප්රභාකරන්ගෙ හයිය අරගෙන ජාතිවාදය වපුරනවාට ..... නීතිය කාටත් එකයි ...