(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

අසල්වැසි නිවසකට ගොස් එමින් සිටියදි ගෙවත්තේ තිබූ ළිඳට වැටුණු අවුරුදු හතරක්  වයසැති පුතෙකුගෙ දිවි බේරීමට සිය දිවි ද නොතකා කටයුතු කළ 15 හැවිරිදි පුතෙකු පිලිබදව පුත්තලම මහකුඹුක්කඩවල කිවුල ගම්මානයෙන් වාර්තා වී ඇතැයි පොලීසිය කියයි.

මෙම වීර ක්‍රියාව සිදු කර ඇත්තේ කිවුල පිරිවෙනේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන සසිදු නිම්සර නැමති 15 හැවිරි දරුවෙකි.

මෙම අවාසනාන්ත ඉරණමට මුහුණ දුන් සිව් හැවිරිදි   ආකාශ් නෙතුමිණි පුංචි පුතු ඔහුගේ  නිවස ඉදිරිපිට ඇති සසිදුගේ නිවසට නිතර පැමිණිමට පුරුද්දක් ව පැවති බව කියයි.

සිද්ධිය වූ දින ඔහු එම නිවසට ගොස් යළි සිය නිවසට එමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ පා තිබේ. අඩි 36 කට වඩා වැඩි ගැඹුරකින් යුතු එම ලිදේ තිබු ආරක්ෂිත පැති බැම්ම පසුගිය කාලයෙ පැවති මහ වැසි සමග ලිදට කඩා වැටි ඇති බව කියයි.

“ චුටි මල්ලිට මම බත් කවමින් හිටියේ ඒයා බත් කාලා ඉන් පස්සේ වතුර බීලා ගෙදර යන බව කිව්වා.මම කුස්සියට ගිහින් පිගාන සෝදලා එළියට එද්දි  “සසිදු අයියේ ,, කියලා  මල්ලී කෑගැසුවා මට සැක සිතුනා මම ඉක්මනට පිගාන තියලා එළියට දුව ගෙන ආවා සද්දයක් නැති නිසා මම ළිද ළඟට දිව්වා .

ලිදේ වතුර කැලැත්නෙනවා දැක්කා.ඒ එක්කම මල්ලී ලිද ඇතුලෙන් උඩ මතුවුණා මම එකපාරම ලිදට පැන්නා. පැනපු ගමන් උඩ ආපු මල්ලීව අල්ලා ගත්තා ඒ එක්කම මෝටරයට දාලා තිබුන බට වල එල්ලුනා ‘ යැයි සිව් හැවිරිදි දරුවා බේරාගත් සසිදු පැවසුවාය.‘

 

දරුවා බේරාගත් සසිදු නිම්සර 

ළිඳට වැටුණු සිව් හැවිරිදි ආකාෂ් නෙතුමිණ