(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව සෙට්ටිකුලම දකුණු කල්ලාරු පාලමේදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීම උත්සහ ගත් තරුණයෙකු මන්නාරම දුම්රිය මාර්ගයේ ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මියගොස් ඇතැයි සෙටිකුලම් පොලීසිය පවසයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ මන්නාරම මුරුංගන් ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සුරේස් නැමති තරුණයෙකි.
මන්නාරමේ සිට අනුරාධපුර දක්වා ධාවනය වූ දුම්රිය ගමන්කරන අතරතුරදී දුම්රිය මාර්ගයේ සිට තරුණයින් දෙදෙනෙකු දුම්රිය ගමන්කරන අතරවාරයේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සහ දරා ඇත.
එහිදී දුම්රියේ තරුණයින් ගැටෙන බව එක් තරුණයෙකු දැක පාලමෙන් පැන ඇති අතර අනෙක් තරුණයා දුම්රියේ ඉදිරිපස කොටසේ ගැටී විසිවීමෙන් තරුණයා එම ස්ථානයේම මිය ගොස් ඇති බව තොරතුරු අනාවරනය වී ඇතැයි පොලීසිය කියයි.
පසුව මිය ගිය තරුණයාගේ මළ සිරුර සෙට්ටිකුලම් දුම්රිය ස්ථානයට රැගෙන එමෙන් අනතුරුව සෙට්ටිකුලම් පොලීසිය මගින් සෙට්ටිකුලම් රෝහලට බාරදෙනු ලැබීය.
සෙට්ටිකුලම් පොලීසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd